තක්කාලි අගනා ෆෙස්ක් මාස්ක් එකක් ලෙස භාවිතා කල හැකි බව ඔයාල දන්නවද? තක්කාලි වල අඩංගු විටමින් A, ක සහ ණ සම පැහැපත් කරන අතර දිනපතා පාවිච්චිය මැරුණු සම ඉවත් කරන අතර පිරිසිදු කර දිදුලවයි. දිනපතා මෙම තක්කාලි ෆෙස්ක් මාස්ක් එක පාවිච්චි කර කුරුලෑ ද නැති කර ගන්න පුළුවන්.

අවශ්‍ය දේ
- මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්
- හාල් පිටි
- වතුර හෝ රෝස වතුර
හදන විදිය
තක්කාලි ගෙඩිය දෙකට කපා කෝප්පයකට මිරිකා ගන්න. එයට හාල් පිටි හැන්දක් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. ඔබගේ මුහුණ සංවේදී සමකින් යුක්තනම් මෙයට වතුර හෝ රෝස වතුර ටිකක් එකතු කර ගන්න.
මෙම මිශ්‍රණය මුගුනේ අවශ්‍ය තැන්වල තවරා ගන්න. විනාඩි 10ක් වේලෙන්නට සිට මද උණුසුම් වතුරින් සෝදා හරින්න. සතියට දෙවරක් හෝ තුන් වරක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබේ.
සාදාගත් මිශ්‍රණය ශීතකරණයේ සතියක් තබා ගන්න පුළුවන්.
වීඩියෝව මගින් හදන විදිය මෙතනින් බලන්න.
කුරුලෑ සහ කළු පල්ලම් මකන තක්කාලි මාස්ක් එක මෙන්න.
Reviewed by Unknown
on
October 02, 2016
Rating:

No comments: