"රාධා ක්‍රිෂ්ණා, රාමා සීතා කිසිලෙසකින් හෝ නොවෙමු අපි" ආදී මිහිරි ගීත ගයා ලංකාවම සැනසූ ගීත කෝකිලාවිය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙරට ප්‍රථම සංගීත මහාචාර්යවරිය ද වන්නේ ඇයයි. අමරා රණතුංග මහත්මිය දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුගිය දින (15) රාත්‍රීයේ හෘදයාභාදයකින් මෙලෙසින් අප අතරින් සමුගෙන ගොස් තිබෙනවා. අමරා රණතුංග ගීත කෝකිලාවිය මියයන විට 79 වැනි වියේ පසු විය. මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ප්‍රවීන ගායක සහ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ ද වූවා. මේ ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.
මෙරට ප්‍රථම සංගීත මහාචාර්යවරිය අමරා රණතුංග ගීත කෝකිලාවිය අවසන් ගමන් යයි
Reviewed by lankaonline
on
October 15, 2018
Rating:
Reviewed by lankaonline
on
October 15, 2018
Rating:

No comments: