මියුරු ස්වරයෙන් ලොව පුරා රසික සිත් අමන්දානන්දයට පත්කරන සුපිරි ගායක සෝනු නිගම්ගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල
මියුරු ස්වරයෙන් ලොව පුරා රසික සිත් අමන්දානන්දයට පත්කරන ඉන්දියාවේ සුපිරි ගායක සෝනු නිගම්ට ලෝකය පුරාම ආදරණීය රසිකයින් ඉන්නවා. වයස අවුරුදු 3ක් තරම් කුඩා කලෙක සිට තම පියාගේ අභාෂය ලබමින් ගායනයට පිවිසි ඔහු මේ වන විට ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ හිනිපෙත්තේ වැජඹෙනවා. මේ වන විට ඔහුගේම සංගීත ඇල්බම් 40කට වඩා නිකුත් කර තිබෙන ඔහුට හින්දි ගීත පදවැල් පමණක් නොව කන්නඩ, බෙන්ගාලි, ඕරියා, පන්ජාබ්, දමිළ, තෙළිගු, ඉංග්‍රීසි, බෝජ්පුරි, උර්දු, නේපාලි, චතිස්ගරි, මලයාලම් සහ මරාති ගී පදවැල්වලට ද ඔහුගේ හඬ එක් කිරීමේ හැකියාව තියෙනවා. අතිදක්ෂ මෙම ගායකයාගේ ලංකාවේ ප්‍රියතම ගායකයා ජෝතිපාලයන්. එමෙන්ම ඔහුගේ මියුරු ස්වරයට හා අසමසම හැකියාවට සම්මාන රැසක් මේ වන විට හිමිව තිබෙනවා. ඔහු ගැන තවත් දැනගන්න පහත වීඩියෝව බලන්න.
මියුරු ස්වරයෙන් ලොව පුරා රසික සිත් අමන්දානන්දයට පත්කරන සුපිරි ගායක සෝනු නිගම්ගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල
Reviewed by lankaonline
on
October 26, 2018
Rating:
Reviewed by lankaonline
on
October 26, 2018
Rating:

No comments: