අලංකාර ලෙස හැඳ පැළඳ වරලස මනා ලෙස පීරා මල්මාලා චාමර සහිතව මල් දොරකින් පෙර දිගින් ලක්‍ෂ්මී දෙවඟන වඩින බව සමහර තැන්වල සටහන් වෙයි. යම් කිසිවෙක් ධන ධාන්‍ය සම්පතින් පිරීද ඔහු අසල සිරිකත සිටිතියි කියයි. ඇය දේව කන්‍යාවක් ලෙසද හැඳින්වෙයි. සම්පතට භාග්‍යයට, ශ්‍රී සමෘද්ධියට, ශෝභාවට, යස ඉසුරට, දැකුම්කලු බවට අධිපතිනිය වශයෙන් සැලැකෙන ලක්‍ෂ්මී දෙවඟන පිදීමට හින්දු බැතිමත්තු ද බෞද්ධයෝ ද පුරුදුව සිටියි. ඇතැම් දේවස්‌ථානවල ලක්‍ෂ්මි දෙවඟන වෙනුවෙන් කැපවුණ දේවාල ද ඇත. ශුභ කටයුතු ආරම්භයේදී ලක්‍ෂ්මි දෙවඟනට පූජෝපහාර පැවැත්වීමට ද බොහෝ දෙනා කැමැත්තක් දක්‌වයි. ව්‍යාපාර, රැකිරක්ෂා දියුණුව ඇතිකරන හා ධන වාසනාව උදාකර දෙන ලක්ෂ්මී දෙවියන් ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
No comments: