මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල සිට කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ, බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යනවා. ‘‘රුහුණේ පුංචි කතරගම’’ ලෙස විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා අයෙක් දකුණු පළාතේ නොමැති තරම්. ඒ තරම්ම ගැටබරු දේවාලය, ජනතාවට සමීපව පවතී. හොඳට හා නරකට දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙස ද ගම්මු හඳුන්වන්නේ එතරම් විශාල බලයක් ගැටබරු දේවාලයේ තිබෙන නිසයි. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම එම ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි. එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
No comments: