බොහෝ දෙනෙක් නොදන්නා පිදුරංගල ඓතිහාසික වැදගත්කම


පිදුරංගල විහාරය ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීගිරිය ග්‍රාමය ආශ්‍රිතව පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්‍රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ.  ජනප්‍රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ. තවත් ජනප්‍රවාදයකට අනූව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලට, පිදූ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බවත්, පසුකාලීනව එය පිදුරංගල වූ බවත් පැවසෙයි.  මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.

බොහෝ දෙනෙක් නොදන්නා පිදුරංගල ඓතිහාසික වැදගත්කම බොහෝ දෙනෙක් නොදන්නා පිදුරංගල ඓතිහාසික වැදගත්කම Reviewed by lankaonline on December 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.