දඹදිව වජ්ජි දේශයේ විශාලා මහනුවර නම් නගරයේ දරුණු නියඟයක් හටගත්තේය. මේ නිසා එහි දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන තුන් බියක් ඇති විය. මේ තුන්බිය දුරු කිරීම සඳහා ලිච්ඡවි රජ දරුවන් විසින් බුදුරජාණන් වහන්සේ විශාලා නුවරට වැඩම කරවන ලදහ. උන්වහන්සේ විශාලා නුවරට සිරිපා තබත්ම මහා ධාරාණිපාත වැසි වැස මළමිනී පවා ගසාගෙන ගොස් නගරය පිරිසිදු විය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව උවදුරු දුරුවිය. අමනුෂ්‍යයෝ පළා ගියහ. රතන සූත්‍රය ඇසීමට දෙවියෝද, ශක්‍ර දෙවියෝද වැඩියහ. නගර වාසල් දොරටුව සිට ආනන්ද තෙරුන් රතන සූත්‍රය කියමින් පිරිත් පැන් ඉසින්නට වූ සේක. දින හතක් මෙසේ පිරිත් දෙසුමෙන් පසු තෙරුවන්ගේ ගුණ මහිමයෙන් විශාලා නුවර වැසියනට මහත් සෙතක් උදාවිය. මෙම රතන සූත්‍රයෙන් කෙරුණේ සත්‍ය ක්‍රියාවකි. මෙය ඕනෑම කෙනකුන් භාවිත කිරීමෙන් අමනුෂ්‍ය භය දුරුවී සෙතක් ශාන්තියක් උදාවේ.
රතන සූත්‍රයෙන් ඔබට ලැබෙන ආරක්ෂාව හා නිතර ශ්‍රවණයෙන් අමනුෂ්‍ය දෝෂ දුරුකරගන්නේ මෙහෙමයි
Reviewed by lankaonline
on
December 11, 2018
Rating:
No comments: