ශී‍්‍ර ලාංකික පිතිකරුවෙකු එක්දින ඉනිමක වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරමින් සනත් ජයසූරිය විසින් පිහිටුවා තිබූ වාර්තාවක් බිද හෙළීමට තිසර පෙරේරා සමත් වුණා. ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදී හයේ පහර 13 ක් එල්ල කරමින්. මෙම තරගයේදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ තිසර පෙරේරා සිය මංගල ශතකය වාර්තා කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිප‍්‍රහාර දියත් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 13 කින් සහ හතරේ 8ක් ඇතුළත් වුණා. තිසර පෙර්රා සිය මංගල ශතකය වාර්තා කළේ පන්දු 57 කින්. ඔහුගේ මෙම ජයග්‍රහණය ලෝකයේම කතාබහට ලක්වුණා. ඔහුගේ ජයග්‍රහණය ගැන අන්තර්ජාලයේ කතා වුණේ මෙලෙසින්
තිසර පෙරේරා නිසා උණුසුම් වුණ බුකිය
Reviewed by lankaonline
on
January 07, 2019
Rating:
Reviewed by lankaonline
on
January 07, 2019
Rating:

No comments: