ඉරාජ් තාත්තා එක්ක හදන අළුත් ෆිල්ම් එක


ඉරාජ් වීරරත්නගේ පියා ප්‍රීතිරාජ් වීරරත්නගේ නවතම සිනමා නිර්මාණය “තිත්ත ඇත්ත” ජනවාරි අගදී දිවයින පුරා ප්‍රදර්ශනයට නියමිත බව වාර්තා වනවා. දේශපාලන ප්‍රහසනයක් වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රීතිරාජ්ගේ පුත් ඉරාජ් වීරරත්න විසින්. එසේම ඉරාජ් කලකට පෙර නිර්මාණය කළ කාඩරජා, විසේකුරුට්ටා සහ හිතුවක්කාරී ගීත තුන ද චිත්‍රපටයට ඇතුලත් කර ඇති බවට පැවසෙනවා. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මෙහි රංගනයෙන් දායකවන බවයි ආරංචි. “තිත්ත ඇත්ත” කතාව, දෙබස්, තිරපිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ප්‍රීතිරාජ් වීරරත්න විසිනි.

ඉරාජ් තාත්තා එක්ක හදන අළුත් ෆිල්ම් එක ඉරාජ් තාත්තා එක්ක හදන අළුත් ෆිල්ම් එක Reviewed by lankaonline on January 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.