එල්ලී දි.වි-න.ස. ගත්තැයි පැවසූ 72 හැවිරිදි නැන්දණියගේ මර-.ණය ලේලිය හා ඇගේ අනියම් සැමියා සමග එක්‌ව සිදු කළ මිනී-මරු-මක් යෑයි ගම්පොල කුරුඳුවත්ත පොලිසිය දින හතරකට පසු හෙළිකරගෙන තිබේ. මිනී-මරු-ම සම්බන්ධ සැකකරු හා සැකකාරිය ලබන මස 4 වන දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු ශ්‍රී නිත් විඡේසේකර මහතා පෙරේදා (26 දා) නියෝග කළේය.
මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කළේ ගම්පොළ කුරුඳුවත්ත පැල්ලපිටිය රජ ඇළ ඇටඹගස්‌හින්න ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තිදරු මවක් වන පෙතියාගොඩ ගෙදර මධුෂා දිලහානි නැමැත්තිය හා උලපනේ රහගෙදර වෙදරාළලාගේ චමින්ද සරත් කුමාර යන දෙදෙනායි. ලේලිය විසින් උලපනේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු පියකු සමග ඇති කරගත් අනියම් සබඳතාවක් මෙම නැන්දණිය දැනගැනීම මෙම මිනී මැරුමට හේතුවී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
පසුගිය 22 දින රජ ඇළ, ඇටඹගස්‌හින්න ප්‍රදේශයේ පදිංචි වන්නෙකු වත්තේ වඩුහැඳිගේ ඇඩ්ලින් ප්‍රනාන්දු නමැති 72 හැවිරිදි සයදරු කාන්තාව නිවසේ මුළුතැන් ගෙයි වහලයේ එල්ලී මියගොස් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත මෙම සැකකාරිය දුරකථන ඇමැතුමක් දී ඇත.
ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර නාවලපිටිය රෝහල වෙත යවා තිබිණි.
එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. එම්. මහසෙන් මහතා අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. බී. එම්. යිසාල් මහතා හා එක්‌ව මෙහි පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකොට මෙම මර-.ණය සැක කටයුතු මර-.ණයක් බව පොලිසිය වෙත දන්වා තිබුණි.
ඒ අනුව ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිණිගේ ස. පො. අ. චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිස් ස්‌ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත මහතා ඇතුළු කණ්‌ඩායමක් දින හතරක් පුරා ඉතා සූක්‌ෂ්ම ලෙස මෙහි පරීක්‍ෂණ කටයුතු සිදුකර තිබුණි.
එහිදී අනාවරණය වූ කරුණු අනුව මෙම 24 හැවිරිදි කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත බවත් ඔහු සති තුන හතරකට වරක් නිවසට පැමිණෙන බවත් හෙළි වී තිබේ.
මෙම කාන්තාවට වයස අවුරුදු අට, හතර දෙකහමාර වයසේ දරුවන් තිදෙනකු සිටින අතර මින් අට හැවිරිදි දියණිය පාසල් ගොස් ඇත්තේ උලපනේ ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන අයකුගේ ත්‍රිරෝද රථයකිනි.
ඒ අතර මීට මාස තුනකට පෙර මෙම කාන්තාව මෙම ත්‍රිරෝද රථකරු සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන තිබුණි. සැමියා නොමැති සෑම අවස්‌ථාවකම අනියම් සැමියා ඇගේ නිවසට ගෙන්වාගෙන තිබේ. 21 දින පෙරවරු 10.00 ට පමණ මොහු පැමිණ ඇගේ කාමරයේ සිටින විට සැමියාගේ මවට (නැන්දම්මා) හඬක් ඇසී එම කාමරය දෙසට පැමිණ තිබේ.
එවිට එම කාන්තාව අනියම් සැමියාට නැන්දම්මා මරා දමමුයි යෝජනා කොට ඇති අතර පසුව ඇය එළියට පැමිණ නැන්දම්මා අල්ලාගෙන තිබේ.
නමුත් අනියම් සැමියා කාමරයෙන් එළියට පැන දිවීම නිසා මෙම කාන්තාව රෙදි කඩකින් තනිවම වයෝවෘද්ධ කාන්තාවගේ මුඛය හා නාසය වසා ඇය මරා දමා තිබේ.
පසුව අනියම් සැමියාට දුරකථන ඇමතුමක් දී කියා ඇත්තේ තමා නැන්දම්මා ම-ර දමා ඇති බවත් නිවසට නොපැමිණෙන්නේ නම් තමා ද දි.වි-න.ස. ගන්නා බවත්ය.
ඒ අනුව අනියම් සැමියා නිවසට පැමිණි පසු ම=යගිය කාන්තාවගේ සාරියක් ගෙන මුළුතැන්ගෙයි ගෙල වැලලාගත් ආකාරයට බාල්කයේ එල්ලා තිබේ.
ඉන්පසු එදින රාත්‍රියේ දෙදෙනාම එකට ගතකොට පසුදා අනියම් සැමියා ගිය පසු සැකකාරිය පොලිස් හදිසි ඇමතුම් අංශයට කතාකොට පවසා ඇත්තේ නැන්දණිය නිවසේ එල්ලී මිය-ගො-ස් සිටින බවයි.
මෙම සැකකාරියගේ සැමියා ද සිද්ධිය දැන නිවසට පැමිණ ඇති අතර ඔහු බිරියගේ කීම විශ්වාස කොට මය-ගිය මවගේ අවසන් කටයුතු සූදානම් කොට තිබේ.
ඒ අනුව මවගේ අවසන් කටයුතු 26 දින සිදුකොට ඇති අතර පරීක්‍ෂණ පැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය බිරිඳ හා ඇගේ අනියම් සැමියා මෙසේ අත්අඩංගුවට ගැනීමත් සමග සියල්ල හෙළිවී තිබේ.
කුරුඳුවත්ත පොලිස් ස්‌ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත මහතා සමග උ. පො. ප. රිස්‌වි පො. සැ. (20772) චන්ද්‍රසිරි, පො. කො. (5986) අකලංක, (83809) සඳුන් යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ සිදු කළහ.

ලේලියගේ අනියම් සබඳතාව නැන්දණිය දැනගැනීම ඇයගේ අවසන් ගමනට හේතුවෙලා?
Reviewed by piyumantha dissanayaka
on
June 28, 2019
Rating:

No comments: