ගම්මාන දියුණු කරන හැටි දුටුගැමුණු රජුට අපෙන් ඉගෙන ගන්න පුළුවන් - රනිල්

ගම්මාන හා ප්‍ර දේශ දියුණු කරන්නේ කෙසේද කියා වත්මන් රජයෙන් දැනගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාට හොඳින් රඟපෑමට ඇති බවත් ඔහු පැවැසීය.

ඊයේ මොණරාගල පැවැති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ වගේ නෙමෙයි. දැන් තමයි සංවර්ධනය මොකක්ද කියලා දකින්නේ. හොඳට හැමතැනම කරගෙන යනවා. අපි මාධ්‍යෙයන් සංවර්ධනය කරන්නේ නෑ. ගමට ඇවිල්ලා සංවර්ධනය කරනවා.

දැන් තමයි අපිට වේගයෙන් යන්න පුළුවන්. වාහනයේ තව එක්කනෙක් එක්ක යනකොට කියනවා හයියෙන් යන්න එපා. මෙහාට හරවන්න. හරවන්න එපා කියනවා. දැන්  ඉතින් තනියම වාහනය අරගෙන යන්න පුළුවන්.

දැන් අපි වැඩ සීඝ්‍ර යෙන් අවසන් කරන්න ඉන්නේ. දැන් කවුරුවත් නෑ. නැත්නම් හරි අමාරුයි දෙන්නෙක් එක්ක වාහනයේ අරන් යන්න.  හැම එක්කෙනාම දන්නවනේ.

ආනන්ද කුමාරසිරි මැතිතුමා. මම වයස කියන්න කැමති නෑ. මම එතුමාගේ පියා එක්ක තමයි පාර්ලිමේන්තු ආවේ. දැන් එතුමට තවත් වැඩක් තිබෙනවා. හොඳට රඟ පාන්න තිබෙනවා තේරීම් කාරක සභාවේ.

අපට එදා බැන්නා දුටුගැමුණෝ රජ්ජුරුවෝ වගේ. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ට අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.”
ගම්මාන දියුණු කරන හැටි දුටුගැමුණු රජුට අපෙන් ඉගෙන ගන්න පුළුවන් - රනිල් ගම්මාන දියුණු කරන හැටි දුටුගැමුණු රජුට අපෙන් ඉගෙන ගන්න පුළුවන් - රනිල් Reviewed by piyumantha dissanayaka on June 24, 2019 Rating: 5

No comments:

Powered by Blogger.