අද (22දා) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මේ වන විට කරුණු 25කට එකඟතාවයකට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය.
“ජනාධිපතිවරණය පැවැත්වීමට තව දින එකසිය පහළොවක් පමණයි තිබෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළිව කියලා තියෙනවා නොවැම්බර් අවසානයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව. ඉදිරි මාස කිහිපයේ ජනතාවට නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලැබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ප‍්‍රකාශ කරනවා. මැතිවරණ කල් දැමීමට වත්මන් රජය තරම් කිසිම රජයක්, කිසිම නායකවරයෙක් කටයුතු කරපු කාලයක් අපි දැකලා නැහැ.
තව තියෙනවා පහලටම යන්න ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අගෝස්තු එකොලොස් වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා. එදිනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයාගේ නම රටට ම ප‍්‍රකාශ කරනවා. අගෝස්තු මස එකොළොස් වැනිදා සිට 18 වෙනිදා දක්වා අපි සම්මේලන සතිය ලෙස නම් කොට තිබෙනවා.
අද සියලු පක්ෂ එකතු වෙලා. පක්ෂ 12ක සන්ධානයක් හදලා තියෙනවා. එම සන්ධානයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එම සන්ධානයට එකතු වීමට කිසිම බාධකයක් දුෂ්කරතාවයක් නැහැ. එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් හදන එක අපේ අභිමතාර්ථය නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඊට එකතු වී මේ ප‍්‍රමුඛතම අදහස ඉටු කිරීමට සහාය විය හැකියි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සාකච්ඡා සාර්ථකව පැවැත්වෙනවා. මේ වෙන විට කරුණු විසිපහකට එකඟතාවය ඇති කර ගැනීමට අපට හැකි වෙලා තිබෙනවා. මේ සතියේ තවත් සාකච්ඡා වටයක් බ‍්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙනවා.
ජනාධිපතිවරණයට අපෙක්ෂකයා විය යුත්තේ ජනතාවගෙන් ඉල්ලන, විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගන්න පුලුවන් අපේක්ෂකයෙක්. එවැනි අපෙක්ෂකයෙක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි. අපේ සියලු පක්ෂ නායකයින් එකතුවෙලා අපේක්ෂකයා නම් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරලා තියෙනවා. එම ප‍්‍රතිපත්තියෙන් අපි කිසිසේත්ම බැහැර වන්නේ නැහැ.
පසුගිය කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 18 ක් සමඟ සාකච්ඡා කළා. එම පක්ෂ වලින් අතරින් පක්ෂ10ක් ලබන 26 වැනිදා විශේෂ සම්මුතියකට එළඹීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනවා. ඉදිරි මැතිවරණවලදී එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත් කෙරෙන අතර එය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදුකෙරෙනවා.”
අනිවාර්යෙන් තව දවස් 115කින් ජනපතිවරණය පැවැත්වෙනවා ජි. එල්. පීරිස් කියයි
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:

No comments: