මෙම නිර්මාණය සිදුවන්නේ කොලිවුඩ් සිනමාවේ බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තව තියෙනවා පහලටම යන්න සුපිරි ක්‍රීඩක මුරලිගේ චරිතයට පනපොවන්න සුදානම් වන්නේ දකුණු ඉන්දීය සුපිරි නළු විජේ සේතුපතියි.
මෙම නිර්මාණය නම්කර ඇත්තේ 800 නමින්.
ටෙස්ට් පිටියේ වඩාත් සාර්ථකම පන්දු යවන්නා වන මුරලි ටෙස්ට් තරඟ 133කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 800ක්.
ලොවක් මවිත කරවූ අති සුවිශේෂී වූ පන්දු යැවීමේ හැකියාව හේතුවෙන් ඔහු අවස්ථා ගණනාවකදී නීතිමය ගැටළු රැසකට මුහුණදීමට සිදුවූවා.
වර්ෂ 1996 දී ලෝක කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ මුරලි එහිදීද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළා.
වර්ෂ 1972 දී මහනුවරදී උපත ලද මුරලි මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවනවා.
මුරලිගේ විවාහය සිදුවන්නේ චෙන්නායි හි උපත ලද මදිමලර් නමැති තරුණියක් සමඟින්.
මේ අනුව මුරලිගේ ජීවිත කතාව චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වුවහොත් එය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද අතිශය ජනප්‍රිය නිර්මාණයක් වනු ඇති බවයි විචාරක මතය වී ඇත්තේ.
800 සිනමා නිර්මාණය ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ රූගත කිරීමටයි නියමිතව ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සඳහා අතිශය විශාල මුදලක් වියදම් වනු ඇති බවටද වාර්තා පලවී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිනමා නිර්මාණය පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ලෝක පුජිත සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය එළියට
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:

No comments: