මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා,ඉදිරියට තැබූ අඩිය පිටුපසට ගන්නේ නැහැ - සජිත්

ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුලු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහා නායක හිමිපාණන් වහන්සේ අද (22) බැදැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීවේය.

මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක අනතුරුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරත වූහ.

තව තියෙනවා පහලටම යන්න අස්ගිරි මහා විහාරය හා ඊට  සම්බන්ධ විහාරයන් සංවර්ධනය කිරීම සහ මතුවන ගැටලු පිළිබඳව මහා නායක හිමියන් අතුලු කාරක සංඝසභාවේ හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර ගන්නේ නැහැ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට මම කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදු දහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය මම හරියාකාරව ඉටු කරනවා.

අපි කරන සංවර්ධන කටයුතු මේ රටේ සියලු දෙනා දැන ගත යුතුයි. ඊට මුදල් වෙන් කිරීම මුදල් කාබාසිනියා වීමක් නොවෙයි. ඔබතුමාලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා, මගේ ඔළුවේ තිබෙන්නේ වරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොව මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා. සිසු සෙවණ යටතේ දහම් පාසල් දහසක් ඉදිකරන්න ඉලක්කයක් තිබෙනවා.

උදා ගම්මාන දෙදහස් පන්සියයක ඉලක්කය පසු කළ අපි ඉතිරි උදා ගම්මාන දාහත්දහස් පන්සිය හදන්නේ කෙසේ ද යන්න සැලසුම් කරනවා. ඒ පිළිබදව මම සිතන අතර ජනාධිපතරවරණය පිළිබදව අනෙක් අයගෙන් අස දැනගන්න
සෑම විටකම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා,ඉදිරියට තැබූ අඩිය පිටුපසට ගන්නේ නැහැ - සජිත් මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා,ඉදිරියට තැබූ අඩිය පිටුපසට ගන්නේ නැහැ - සජිත් Reviewed by piyumantha dissanayaka on July 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.