මේ රටේ නීතියේ ආධිපත්‍යය සියලු ජාතීන්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරියේදී මේ රටේ මීට වඩා භයානක සිදුවීම් ඇතිවිය හැකි බවත් හිටපු නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් “ප්‍රජා ජල අභිමානි” වැඩසටහනට එක්වෙමින් ගම්පොළ උලපනේදී පැවැසීය.
එහිදී රවුෆ් හකීම් මහතා මෙසේද කීය.
අන්තවාදී කණ්ඩායමක් සිදුකළ ප්‍රහාරයත් සමඟ අපට විශාල චෝදනාවක් එල්ල කරමින් ත්‍රස්ත ක්‍රියාවලට අපි අනුබල දුන්නාය, ඒවගේම මේආණ්ඩුව රකින්න උත්සාහ කරනවාය කියමින් දෝෂාරෝපණයක් එල්ල කළා. නමුත් පරීක්ෂණයක් කරන්න කලින්ම චෝදනා කරලා අපිව එල්ලුම් ගස් යවලත් ඉවරයි. රතන හාමුදුරුවන්ගේ උපවාසයත් සමඟ ඒ වටා එක් වූ හැඟීම්බර ජනතාව තල්ලු වුණේ වෙන පැත්තකට.
තව තියෙනවා පහලටම යන්න ඉන් පස්සේ කළේ හන්දියක් හන්දියක් ගානේ කඩ වැස්සුවා. තම්බිලාගේ කඩටික විනාශ කරන්න ඕනෑ කියන සිතුවිල්ලෙන් පොළොන්නරුවේ සිට මහනුවරටත් කුරුණෑගල ඉඳලා මහනුවරටත් පිරිස එකතු වුණා. මේ අය පොලු තියාගෙන කළු කොඩි උස්සගෙන සූදානම් වෙනකොට අපේ හමුදාව හා පොලිසිය උඩ බලාගෙන හිටියා. හදිසි නීතිය දැම්මම හමුදාව පාරට බැහැලා තමන්ගේ රාජකාරිය කරන්න ඕනෑ. එහෙම වෙන්නැති නිසා අපි ගිහින් ආණ්ඩුවට මේක කිව්වා.
එදා කුරුණෑගල ගමකින් ආරම්භ කළ විනාශය මිනුවන්ගොඩින් අවසන් කළා. මේ කළ විනාශයට ආණ්ඩුවෙන් තමයි වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. මේ ගෙවන මිලියන ගණන් නැවත මහජනයා තමයි බදු විදිහට බෙදාගෙන ගෙවන්න වෙලා තියෙන්නේ. මේ උන්මත්තක කල්ලියක් කළ විනාශයට මුළු මුස්ලිම් ජාතියම වින්දිතයෝ වීම මේ රටට හානි කරයි. මේ ජාතිවාදයක් නොවේ. අපට වගකීමක් තියෙනවා ඇත්ත තත්ත්වය ජනතාවට පහදා දීමට.
ප්‍රථම වතාවට ජනාධිපතිතුමා මාව ජාතික ආරක්ෂක සභාවට කැඳෙව්වා. මෙතනදී මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙනවා. දැන් මේ කල්ලිය පිළිබඳව අවසන් අධියරට ඇවිත් තියෙනවා. අපි කියන දේ දැන් හරි විදිහට මාධ්‍යවල යන්නේ නැහැ. මාධ්‍යයට අවශ්‍ය ජනතාව කුපිත කර කර මැතිවරණයක් එනකල් මේක අරන් යන්න. එහෙම අරන් ගිහින් මේක ආණ්ඩුවේ කර මත දාන්න.
අයි.එස්.අයි.එස්. කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට ඇති කළ සංවිධානයක්. මේ සංවිධානය නිසා විනාශයට පත්වෙලා තියෙන්නේ මුස්ලිම් රටවල්. ඉරාකය, සිරියාව, ලිබියාව නැත්තට නැති වෙලා. අයි.එස්. කාරයෝ වැඩිම හානිය කරලා තියෙන්නේ මුස්ලිම් පල්ලිවලට. දහස් ගණනක් පල්ලි විනාශයි. ලක්ෂ ගණනක් මුස්ලිම් ජනතාව විනාශයි. අරාබි රටවල තෙල් නිධි පාලනය කරන්න අධිරාජ්‍යවාදීන් සිදුකරන ක්‍රියා දාමයක් මේක. කුලියට ගත් කල්ලියක් ලෝකයේ මේ විනාශය සිදුකරනවා. මේකේ ඇත්ත තත්ත්වය නුදුරේම හෙළි වෙයි.
මේ උන්මත්තක සහරාන් අපේ මද්‍රසා එකෙන් පහ කරපු කෙනෙක්. මෙයා අත් අත්අඩංගුවට ගන්න කියලා කාත්තන්කුඩියේදී පැමිණිලි කළා. නමුත් ඒක වුණේ නැහැ. මේ විමර්ශනවලදී පොලිසියේ ක්‍රියා කලාපය ඉදිරියේදී බලා ගන්න පුළුවන්.
මේ ප්‍රශ්නය දඩමීමා කරගෙන මුස්ලිම් ජනතාවගේ පෞද්ගලිකත්වයටත් ඇඟිලි ගහන්න එනවා. මාධ්‍යයෙන් කොච්චරවත් පෙන්නුවා කඩු කිණිසි තියෙනවා කියලා. අද මුස්ලිම් ගෙදරක පාන් කපන්නවත් පිහියක් නැති තරමට පත් වුණා. අලුතින් මාධ්‍ය සංස්කෘතියක් ඇති නොවන තාක්කල් අපට මේ රටේ සාමයක් නැහැ.
වදින තැනට වදින්න මේවා කියන්නට ඕනෑ. ආණ්ඩුවට එක්වෙන්න කියලා අපට මේ තරම් ආයචනා කරන්න ඕනෑ නැහැ. අපට ගෞරවයක් තිබෙන්න ඕනෑ. අපව පිළිගන්න කවුරුත් මේ ගැන හිතන්න ඕනෑ.
ළඟදිම මේ ගැන විමර්ශන වාර්තාව ඒවි. මේ ගැන අපේ අය තීන්දු ගනීවි. කවුරු තීන්දු ගත්තත් මම නම් තීරණ ගන්න යන්නේ නැහැ මැතිවරණයක් ළඟදීම එනවා. ඒ වෙලාවට අවශ්‍ය තීන්දු මම ගන්නවා.
ගම්පොළ - මාධව බණ්ඩාර

තම්බිලාගේ කඩ වැස්සුවා -නීතිය ක්‍රියාත්මක නොවුනොත් භයානක දේවල් මේ රටේ වෙන්න පුළුවන්
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:

No comments: