සත්‍ය කතාවක්. ටෙස් කියන්නේ අවුරුදු දහයක පමණ කුඩා දැරියක්.
එයාට පුංචි මල්ලි කෙනෙකුත් හිටියා, එයාගෙ නම ඇන්ඩෘ..
එක දවසක එයාගේ එයාගෙ අම්මයි තාත්තයි කතා උනු දෙයක් ටෙස් අහගෙන හිටියා. එයාගේ පුංචි මල්ලි හොදටම අසනිපෙන් ඉන්න බවත් එයාව සනීප කරගන්න තරම් මුදලක් එයාල ගාව නැතිබවත් පුංචි ටෙස් තේරුම් ගත්තා.
බෙහෙත්වලට යන වියදම සොයාගන්න ඕන නිසා.. එයාල ඉන්න ගෙදරත් විකුණන්න තමයි එයාගේ තාත්ත තීරණය කරල තිබුණේ. එහෙම උනොත් එයාල ඉන්නේ කොහෙද කියලත් පුංචි ටෙස් කල්පනා කරා..
එයාගෙ මල්ලි ඇන්ඩෘ සනීප කරන්නනම් ලොකු සැත්කමක් කරන්න වෙන බව තමයි වෛද්‍යවරු කිව්වේ.. ඒකට ලොකු මුදලක් ඕනෙ උනත්, එයාලට ණයටවත් මුදල් දෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. දවසක් ටෙස්ගේ තාත්තා, එයාගෙ හැම උත්සාහයක්ම නිෂ්පල වූ බව
දැන හඩමින් ඉන්න ටෙස්ගේ අම්මත් එක්ක මෙහෙම දෙයක් කිවුවා..
“අපේ පුතා බේරගන්න පුලුවන් මැජික් එකකින් විතරයි..”
තව තියෙනවා පහලටම යන්න මේක ඇහුණු ගමන් ටෙස් එයිගේ කාමරයට දුවල ගිහින් ඇදයට තිබුණු කැටය එලියට අරගත්තා. ටෙස් පරිස්සමට ඒ කැටේ බිමට අතහැරියා. මැටියෙන් හදල තිබුණු කැටේ කෑලි ව්ලට බිදිල යනවත් එක්කම ඒකෙ තිබුණු පුංචි මුදලකුත් බිමට වැටිලා තිබුණා.
බොහෝම පරිස්සමට ඒ පුංචි මුදල දෙතුන් වතාවක්ම ගණන්කරපු පුංචි ටෙස් ඒකත් අරන් ගෙවල් ලගම තිබුණු ෆාමසියට දුවලා ගියා..
ෆාමසිස්ට් ඒ වෙලාවෙ ටිකක් කාර්‍ය බහුල වෙලා හිටියේ. එයා පුංචි ටෙස්ව දැක්කේ නෑ..
ටෙස් ටික වෙලාවක් ඉවසීමෙන් බලාගෙන හිටියා,
අන්තිමට එයා ටිකක් සද්දෙට උගුරු පෑදුවා.
ඒ පාරනම් ෆාමසිස්ට් ටෙස්ව දැක්කා..
“පුතේ, ඔයට මොනවද ඕනේ?” ෆාමසිස්ට් එහෙම ඇහුවා.
“අන්කල්, මට මගේ මල්ලි ගැන ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ ,” පුංචි ටෙස් කිවුවා .
“ඇත්තටම, ඇත්තටම එයා ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ… ඉතින් එයාව සනීප කරගන්න පුලුවන් මැජික් එකක් මට ගන්න ඕනේ.” කටකාර කෙල්ල වෙගෙන් කියාගෙන ගියා..
“මට සමාවෙන්න දරුවෝ?” මොකුත් හිතාගන්න බැරිව හිටිය ෆාමසිස්ට් එහෙම කිවුවා.
“මගෙ මල්ලිගෙ නම ඇන්ඩෘ, එයාගෙ ඔලුවේ මොනව හරි නරක දෙයක් තියෙනවා. තාත්ත කිවුවේ ඒක හොද කරන්න පුළුවන් මැජික් එකකට විතරයි කියල.. අනේ.. මට මැජික් එකක් දෙන්නකෝ?”
ඇය අඩන්න පටන් ගත්තා.
“අනේ පුංචි දුවේ.. මාගාව මැජික් විකුණන්න නෑනේ. මට සමවෙන්න, මට ඔයාට උදව් කරන්න වෙන එකක් නෑ,”
ෆාමසිස්ට් එහෙම කිවුවා.
“මේ අහන්න, මං ගාව සල්ලි තියෙනවා.
මේ බලන්නකෝ”. පුංචි ටෙස් එයාගාව තිබුණු සල්ලි ෆාමසිස්ට පෙන්නුවා.
එතන හිටපු වෙන කෙනෙකුත් මේ කතාබහට කන්දීගෙන හිටියා. එයා අඩමින් හිටිය ටෙස් ගාවට ඇවිත් මෙහෙම ඇහුවා..
"ඔයාගේ මල්ලිට ඕන මොන වගේ මැජික් එකක්ද?”
“මං දන්නේ නෑ, එයා ගොඩක් ලෙඩවෙලා ඉන්නේ.. හොද කරගන්නනම් ලොකු ඔපරේෂන් එකක් කරන්නත් වෙනව.. ඒත් තාත්ති ලග සල්ලි නෑ, මගේ සල්ලි වලින් හරි මල්ලි සනීප කරගන්න ඕනේ.” ටෙස් ඉකි ගසමින් කිවුවා..
“ඔය ගාව කීයක් තියෙනවද?” ඒ කෙනා ආයෙත් ඇහුවා .
“ඩොලර් එකකුයි ශත දයකුයි,” ටෙස් කෑගහල කිවුවා..
“හොදයි, ඒ ගාන හොදටම ඇති,” ඔහු සිනාසෙමින් කිවුවා.
" ඒ මුදලට මල්ලිව සනීප කරගන්න පුලුවන් විධියේ මැජික් එකක් මං ඔයාට දෙන්නම්.."
“ඔයා මාව ඔයගෙ මල්ලි ගාවට එක්කගෙන යන්න, ඊට පස්සේ එයාට ඕනේ මැජික් එක මොකක්ද කියල මං හිතල බලන්නම්".
එහෙම කියපු මිනිසා ටෙස් අතේ තිබුණු මුදල අරගෙන එයාගෙ ගෙදරට ගියා.
ඔහු ටෙස්ගේ දෙමාපියන් සමග ටික වේලාවක් කතාකරමින් හිටියා..
එහෙම ඉදලා ටෙස්ගේ මල්ලි ඉන්න රෝහලට ගියා.
හොදින් ඇද පැලදගෙන හිටි ඒ මිනිසා අන් කවරෙකුත් නොවෙයි..
එවකට චිකාගෝ නුවර සුප්‍රසිද්ධව සිටි
ස්නායු - විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්‍රෝන් වෛද්‍යවරයායි..
2001 වසරේ පෙබරවාරි 7 වන දින වෛද්‍යවරයා විසින් තමාගේම රෝහල තුළ කුඩා දරුවාගේ සැත්කම සාර්ථකව අවසන් කළා.
ඔහු එම සැත්කම සදහා කිසිදු මුදලක් අයකර තිබුණේ නැහැ. පුංචි ටෙස්ගේ දෙමාපියන් හද පතුලින්ම වෛද්‍යවරයාට ස්තූතිකර ඇන්ඩෘත් සමග නිවසට ගියා.
නිවසට ඇතුළු වෙනවාත් සමගම ටෙස්ගේ තාත්තා එයාගේ අම්මට මෙහෙම කිවුවා..
"ඒක හරිම පුදුමාකාරයි.
ඇත්තටම, ඒ මැජික් එකෙන් අපේ පුතා බේරුණා.."
ඒක අහගෙන හිටපු ටෙස් සතුටින් මෙහෙම කිවුවා..
"ඇත්තටම තාත්තේ.. මං ඒ මැජික් එක ගත්තේ ඩොලර් එකයි ශත දහයකට".

තමන්ගේ මල්ලිගේ ජීවිතය බේරගන්න ටෙස් නම් දැරිය කලදේ
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 22, 2019
Rating:

No comments: