රාජගිරියේ සදහම් සෙවණ ධර්මායතනයේ වැඩවසන පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මේ පිළිබඳව පොලිස්පති කාර්යාලය වෙත ඉකුත් ජුනි 12 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පසුව වැඩබලන පොලිස්පතිවරයා එම පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත යොමු කළ බවත් ඒ අනුව ජූලි 12 වැනිදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ දන්වා සිටියේය.
තව තියෙනවා පහලටම යන්න මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා දී ඇති ඉඩම මහවැලි සංවර්ධන අධිකාරියට අයත් බවත් එම ඉඩම දී ඇත්තේ තාක්ෂණික විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා හිරා ෆවුන්ඩේෂන් නමැති සංවිධානය බවත් එම සංවිධානය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් පසුව එම ඉඩම ලබාගෙන ඊට පරිබාහිර කාර්යයන් සඳහා යොදාගෙන ඇති බවත් අතුරලියේ රතන හිමියන්ගේ වැඩිදුර ප්‍රකාශවල සටහන් වූ බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.
ආචාර්ය ලයිමන් අලි ජුෆාර්ලි (Sheikh Dr. Lyman Ali Al Juffaali) ඇමෙරිකානු ඩොලර් 5,333,333ක් ෆෙරොස් නසාර් (Sheikh Ferras Nasser) ඇමෙරිකානු ඩොලර් 2,897,884.50, අලි අබ්දුල්ලා අල් ජුෆාල් (Sheikh Ali Abbdulla Al Juffal) (Foundation Charity) 12,038,593.00, රෂඩ් යහියා අබ්දුල් අසීස් (Sheikhal Rashad Yahya Abdul Aziz) 2,897,884.50 හා ඩාවුඩ් අබු සලික් Sheikh Haild Ad (Dawoodud Abu Salik) 3,863,846 බැගින් මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 27,031,541ක මුදලක් විදේශයක සිට මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා දී ඇති බවත් එය සැකසහිත බවත් පැමිණිල්ලේ සටහන් වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.
එමෙන්ම බෝම්බ ප්‍රහාරයට පසුදින එනම් අප්‍රේල් 22 වැනිදා පාසිකුඩා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘ද කාමි’ හෝටලයේ නවාතැන් ගෙන සිටි අබ්දුල් ලහාම් මදාම්, අල් බර්කා බහානි සදාත්, අල්කදාරි මොහොමඩ් ඉබනයම් යන පුද්ගලයන් හමුවීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේදී හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ගොස් ඇති බවත් එම විදේශීය පුද්ගලයන් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අය බවත් එම අය සමඟ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා අතර පැවැති සම්බන්ධතාව සැක සහිත බවත් එම වැඩිදුර ප්‍රකාශයේ සඳහන් වූ බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වා සිටියේය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්ජිනේය පුරම්, කරුවක්කාර්, වාලච්චේන පදිංචි නාගරාජා විෂ්ණු කාත්තන් නමැති පුද්ගලයාගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ දන්වා සිටියේය.
නාගරාජා යන මෙම පුද්ගලයා ජීවත්වන ප්‍රදේශයේ ඇති රජයට අයත් ඉඩමක සංවර්ධන කටයුත්තක් කරන බවත් ඒ පිළිබඳ සොයා බැලීමේදී එම ඉඩම මහවැලි සංවර්ධන අධිකාරියට අයත් අක්කර 35ක ඉඩමක් ශ්‍රී ලංකා හිරා පදනම විසින් ලබාදී ඇති බවත්, එම ප්‍රකාශයේ සටහන් වී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.
මොහොමඩ් හිස්බුල්ලා හා අහමඩ් හිරාඩ් හිස්බුල්ලා යන අය විසින් අංක 324/1 ගාලු පාර, කොළඹ 3 ලිපිනයේ පවත්වාගෙන යන Batticaloa Campus (Pvt) Ltd ආයතන මඟින් මෙම ඉඩමේ ෂරියා විශ්වවිද්‍යාලයක් ඉදිකරන බවත් ඒ සඳහා සෞදි අරාබියේ Inheritance Ali Abdullah Aliuffa Li Jeddah නමැති ආයතනයෙන් 2018/01/08 දින එම සමාගම නමින් කොල්ලුපිටිය පිහිටි ලංකා බැංකුවේ ශාඛාවේ පවත්වාගෙන යන අංක 78495137 දරන ගිණුමට රුපියල් 40,256,031.70ක මුදලක්ද ඉන්පසුවද එම ගිණුමටම ඇමෙරිකානු ඩොලර් 2,948,446.80 (රුපියල් 450,227,726.36) මුදලක්ද ඇමෙරිකානු ඩොලර් 4,815,392.20 (රුපියල් 6,915,824,072.90) මුදලක්ද වරින්වර බැර කර ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
තවද කාමින් සමාගම නමින් කොල්ලුපිටියේ ලංකා බැංකුවේ 78495137 දරන ගිණුමට 2016/03/04 සිට 2018/01/08 දින දක්වා අතර කාලයේ රුපියල් 3,640,939,488.72කට අධික මුදලක් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
මෙම විශ්වවිද්‍යාලයේ හිමිකරු බැටිකලෝ කැම්පස් පෞද්ගලික සමාගම වන අතර එය ආරම්භ කර ඇත්තේ 10/18 ලේක් සුපර්, කොළඹ 08 යන ලිපිනයේ පදිංචි අහමඩ් හිරාස් හිස්බුල්ලා යන පුද්ගලයා බවත් එම ලිපිනයේම ලාභ නොලබන සංවිධානයක් ලෙස 2014/12/10 දින ලියාපදිංචි අංක ට්ඒ 2991 යටතේ ලියාපදිංචි කර හිරා පදනම ආරම්භ කර ඇති බවත් මෙම කැම්පස් සමාගමේ ආරම්භක කොටසක් රුපියල් 10 බැගින් කොටස් ලක්ෂයක් නිකුත් කර ඇති අතර එම කොටස් ගණන පරිදි බෙදා හැර ඇති බවට ප්‍රකාශවල සටහන් වී ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
විදේශීය රාජ්‍ය මඟින් කොළඹ 08, ලිපිනයෙහි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා හිරා පදනම බැටිකලෝ කැම්පස් පෞද්ගලික සමාගම් සඳහා ලබා දී ඇති එම මුදල්වල නිවැරැදි භාවය හා එම මුදල් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදාගන්නේද නැතිනම් ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගනු ලබන්නේද යන්න විමර්ශනය සිදුකරන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
2011 අංක 40 දරන පනතේ සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 03 වගන්ති සහ 2013 අංක 03 දරන 2011 අංක 41 දරන සහ 2005 අංක 25 දරන ත්‍රස්තවාදී සම්මුති පනතේ 03 වගන්ති ප්‍රකාරව වරදවල් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය සිදුකරන බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.
හංසි නානායක්කාර
හිස්බුල්ලාට සෞදි තහනම් සන්වෙදානයකින් කෝටි 1,750 ක් ඇවිත්...
Reviewed by piyumantha dissanayaka
on
July 19, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 19, 2019
Rating:

No comments: