ජනපතිවරණය කල්දාන්නෙ ලෝක විනාශය වුණොත් පමණයි මැ,කෝ, මල පනී

මුරුගසන් වර්ෂාව වැහැලා ලෝක විනාශය සිදුවුවහොත් පමණක් ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා (17දා) දින රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී පැවැසීය.

තව තියෙනවා පහලටම යන්න ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව‘ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.

මුරුගසන් වර්ෂාව වැහැලා කල්ප විනාශය සිදුවී ලෝක විනාශය සිදුවුවහොත් පමණක් ඉදිරි ජනාධිපතිවරණය කල් දැමීමට සිදුවනු ඇතැයිද එසේ නොමැතිව ජනාධිපති මැතිවරණය කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
කල්තොට - එස්. වීරවංශ
මතුගම - වසන්ත කුමාර,
පානදුර - කුමුදු ජයසේකර
ජනපතිවරණය කල්දාන්නෙ ලෝක විනාශය වුණොත් පමණයි මැ,කෝ, මල පනී ජනපතිවරණය කල්දාන්නෙ ලෝක විනාශය වුණොත් පමණයි මැ,කෝ, මල පනී Reviewed by piyumantha dissanayaka on July 19, 2019 Rating: 5

No comments:

Powered by Blogger.