මතකයිද පණ ඒ කාලෙ
උසස්පෙළ කල පොඩි කාලෙ
හමුවුණා නෙතු හොර රහසෙ
තාම මතකයි අද වාගෙ,,,
තව තියෙනවා පහලටම යන්න පවුලේ එකම මං හුරතල් පොඩි කෙල්ල
කාගෙත් ආදරෙන් හැදුනා දගමල්ල
ඉගෙනුම් දිවියටද තිත තියමින් මෙල්ල
ආවේ නුඹ සමග සැප සම්පත් අතැර,,,
මගේ ගෙලට රණ් අබරණ පළදින්න
හැඩ වැඩ යෙදූ නෙක සළුපිළි ඇගලන්න
කුසට පිරෙන්නට රස මසවුළු කන්න
නුඹගෙන් වස්තු ඉල්ලුවද මං කිසිදිනෙක ,,,
ආපුදා පටන් නුඹ මත්තෙම නැහුනා
ඉස්සර මගේ ලස්සන ජීවිතය
අමතක කර දැමුවා
ගොඩක් දාට බත් පංගුව නුඹ හට බෙදලා
නුඹ දන් නැතුවාට මං බඩගින්නේ හිටියා,,,
නුඹ තඹදොයිතුවක්වත් ගෙට නොමදෙද්දී
කන්නට කිසි දෙයක්වත් ගෙයි නැති වෙද්දී
මගෙ මටසිළුටු අතපය දෙක රළු වෙද්දී
කුලී වැඩත් කරා මං
පුදුමයි මටම
මං ගැන යළි විමසද්දී ,,,
මත් වතුරෙන් පදම් වී රළු පරළු බසින්
බැන මට පහර දුන්නත් ලේ ගලන ලෙසින්
මැදිහත් සිතින් දුක් කදුලැලි ඉවසගමින්
මං සැනසුනේ නුඹ ආදරෙ මට පමණැයි සිතමින් ,,,
නුඹ මට නපුරු වූවත් හරියට මැණික
පොඩි දේ ලොකු කරන් බැන්නත් නිතරෝම
වරදක් නොකර සැක කෙරුවත් මං ගැනම
නෑ මගෙ හිතේ නන් අහිතක් තිබුනේම,,,
නුඹගේ අතේ දැවටී පන්සල් යන්න
නුඹ පපුතුරේ සැතපී සුව විදගන්න
ඔය පෙනුමැතිම කිරිකැටියෙක් ගෙට ගන්න
සත්තයි වස්තු මං දැක්කා හීන ගොන්නක්ම,,,
මුලදී තිබූ සෙනෙහස නුඹෙ වියැකෙද්දී
නුඹෙ සීදේවි නුඹටම පිළිකුල් වෙද්දී
වෙන ස්ත්‍රියක් සෙවනේ නුඹ දැවටෙද්දී
සිතුවෙමි මොකද්දෝ කරුමය මේ වෙච්චි,,,
නුඹ මා හැරදමා ඇය සමගින් යද්දී
දරුවට මාසයයි කුසතුළ ගැබ් ගත්තී
නුඹෙ ලේ වලට නුඹමම ඔච්චම් දෙද්දී
ඉවසා සිටින්නේ කෙලෙසද මේ සිද්දී,,,
පුරා සිව් වසක් දුක් දොම්නස් ඉවසා
දරා ගතිමි නුඹ මගෙ පමණකැයි සිතා
මෙමා දමා නුඹ ගිය පසු සිතා මතා
කඩා වැටුණි මගෙ ලෝකය සැනින් මෙදා,,,
පාරමිතාවක් සේ ආවෙමි නුඹ පසුපස මැණික
පහන තියා ඉල්ලූයෙත් නුඹෙ සැපතයි නිතර
සාර සියල් දුක් දොම්නස් නිමා කොට
දෑස පියාගමි නුඹහට මම නොදී වද.....
පසුව ලියමි..:
හිතුවෙවත් නැති දුක් දරන්නට සවිය තිබුණත් ගැහැණු හිතකට
ගැහැණු හිතකට ශක්තියක් නෑ
තමන්ගෙම අය වෙනස් වෙනකොට දැනෙන දුක් කද දරාගන්නට.....................!!!!
Nethu amaya
උසස්පෙළ කල පොඩි කාලෙ
හමුවුණා නෙතු හොර රහසෙ
තාම මතකයි අද වාගෙ,,,
තව තියෙනවා පහලටම යන්න පවුලේ එකම මං හුරතල් පොඩි කෙල්ල
කාගෙත් ආදරෙන් හැදුනා දගමල්ල
ඉගෙනුම් දිවියටද තිත තියමින් මෙල්ල
ආවේ නුඹ සමග සැප සම්පත් අතැර,,,
මගේ ගෙලට රණ් අබරණ පළදින්න
හැඩ වැඩ යෙදූ නෙක සළුපිළි ඇගලන්න
කුසට පිරෙන්නට රස මසවුළු කන්න
නුඹගෙන් වස්තු ඉල්ලුවද මං කිසිදිනෙක ,,,
ආපුදා පටන් නුඹ මත්තෙම නැහුනා
ඉස්සර මගේ ලස්සන ජීවිතය
අමතක කර දැමුවා
ගොඩක් දාට බත් පංගුව නුඹ හට බෙදලා
නුඹ දන් නැතුවාට මං බඩගින්නේ හිටියා,,,
නුඹ තඹදොයිතුවක්වත් ගෙට නොමදෙද්දී
කන්නට කිසි දෙයක්වත් ගෙයි නැති වෙද්දී
මගෙ මටසිළුටු අතපය දෙක රළු වෙද්දී
කුලී වැඩත් කරා මං
පුදුමයි මටම
මං ගැන යළි විමසද්දී ,,,
මත් වතුරෙන් පදම් වී රළු පරළු බසින්
බැන මට පහර දුන්නත් ලේ ගලන ලෙසින්
මැදිහත් සිතින් දුක් කදුලැලි ඉවසගමින්
මං සැනසුනේ නුඹ ආදරෙ මට පමණැයි සිතමින් ,,,
නුඹ මට නපුරු වූවත් හරියට මැණික
පොඩි දේ ලොකු කරන් බැන්නත් නිතරෝම
වරදක් නොකර සැක කෙරුවත් මං ගැනම
නෑ මගෙ හිතේ නන් අහිතක් තිබුනේම,,,
නුඹගේ අතේ දැවටී පන්සල් යන්න
නුඹ පපුතුරේ සැතපී සුව විදගන්න
ඔය පෙනුමැතිම කිරිකැටියෙක් ගෙට ගන්න
සත්තයි වස්තු මං දැක්කා හීන ගොන්නක්ම,,,
මුලදී තිබූ සෙනෙහස නුඹෙ වියැකෙද්දී
නුඹෙ සීදේවි නුඹටම පිළිකුල් වෙද්දී
වෙන ස්ත්‍රියක් සෙවනේ නුඹ දැවටෙද්දී
සිතුවෙමි මොකද්දෝ කරුමය මේ වෙච්චි,,,
නුඹ මා හැරදමා ඇය සමගින් යද්දී
දරුවට මාසයයි කුසතුළ ගැබ් ගත්තී
නුඹෙ ලේ වලට නුඹමම ඔච්චම් දෙද්දී
ඉවසා සිටින්නේ කෙලෙසද මේ සිද්දී,,,
පුරා සිව් වසක් දුක් දොම්නස් ඉවසා
දරා ගතිමි නුඹ මගෙ පමණකැයි සිතා
මෙමා දමා නුඹ ගිය පසු සිතා මතා
කඩා වැටුණි මගෙ ලෝකය සැනින් මෙදා,,,
පාරමිතාවක් සේ ආවෙමි නුඹ පසුපස මැණික
පහන තියා ඉල්ලූයෙත් නුඹෙ සැපතයි නිතර
සාර සියල් දුක් දොම්නස් නිමා කොට
දෑස පියාගමි නුඹහට මම නොදී වද.....
පසුව ලියමි..:
හිතුවෙවත් නැති දුක් දරන්නට සවිය තිබුණත් ගැහැණු හිතකට
ගැහැණු හිතකට ශක්තියක් නෑ
තමන්ගෙම අය වෙනස් වෙනකොට දැනෙන දුක් කද දරාගන්නට.....................!!!!
Nethu amaya
සැමියා වෙනත් කාන්තාවක් සමග ගිය පසු බිරිඳක් ලියා තැබූ ලියමන
Reviewed by piyumantha dissanayaka
on
July 19, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 19, 2019
Rating:

No comments: