2019 ලෝක කුසලානයෙන් අනතුරුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ඉරණම කවරාකාර වේ දැයි ලොව පුරා ක්‍රිකට් බොහෝ දෙනෙකු සෑහෙන අවධානයකින් පසුවිය. 2011 ක්‍රිකට් ලෝක කුසලානය තම නායකත්වයෙන් ඉන්දියාවට දිනා දුන් දෝනිගේ අනාගතය කවරාකාර වේ දැයි මුල්ම වතාවට ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය ඔස්සේ මොහොතකට පෙර දැනගන්නට ලැබුණි.
බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ ලෝක කුසලානයෙන් අනතුරුව දෝනි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනු ඇති බවය. නමුත් එලෙස දෝනි සමුගත්තේ නැත. නමුත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තමා සහභාගී නොවන බව දෝනි මේ වන විට දන්වා ඇති බව පැවසේ. ටෙස්ට් තරග දෙකකටත්, එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට ඉන්දියානු කණ්ඩායම ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේ දී කොදෙව් දේශය බලා පිටත්වීමට නියමිතය.
තව තියෙනවා පහලටම යන්න කොදෙව් තරගාවලියට තම සහභාගීත්වය ලබා නොදෙන දෝනි තව දුරටත් තම සැලසුම් වල සිටින බව ඉන්දියානු බලධාරීන් පවසති. ඉන්දියානු බලධාරීන් පවසන පරිදි මහේන්ද්‍ර සිං දෝනි යනු ඉදිරියට එළඹෙන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ සංක්‍රාන්ති සමයේ වැදගත්ම චරිතයකි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියට ඉන්දියානු බලධාරියෙකු ප්‍රකාශ කළේ ” එම්. එස් කොදෙව් තරගාවලියට එක්වන්නේ නැහැ. මින්පසු ඉන්දියාවේ දී හෝ ඉන් පිටත දී ඔහු අපේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස මුල්ම තේරීම නෙවෙයි. රිෂාබ් පන්ට් කඩුලු රකින්නාගේ රාජකාරිය බාර ගනිවී. ඔහු ස්ථාවර වන තෙක් එම්. එස් රිෂාබ්ට උපකාර කරාවි. ඔහු අපේ කණ්ඩායමේ පහළොස් දෙනාට එකතු වුනත් අවසන් එකොළොස් දෙනාට නම් කෙරෙන එකක් නැහැ. මේ කණ්ඩායමට දෝනි වැන්නෙකුගේ මග පෙන්වීම සෑම අතින්ම වැදගත්.”
දෝනිගේ අනාගතය එක් අතකින් මෙසේ ද කියවේ. “ඔහුට යන්න කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔහු උවමනාවටත් වඩා ඒක ඔප්පු කරලා තියනවා. ‘කවදාද යන්නේ’ කියල අහනවාට වඩා ‘ඇයි යන්නේ’ කියල අහනවාට කැමති පුද්ගලයෙක් දෝනි. ඔහු ක්‍රීඩාවෙන් සමුගනීවි. එත් ඒකට හදිස්සියක් නැහැ”
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ඉන්දියානු කණ්ඩායම තෝරාගැනීමට තේරීම් කමිටුව බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතය.
ලෝක කුසලාන තරගාවලියට ඉන්දියානු කණ්ඩායම සමඟ ගිය අනෙක් කඩුලු රකින්නා දිනේෂ් කාර්තික්ය. ඔහුගේ වයස මේ වන විට අවුරුදු 34කි. තමිල්නාඩුව නියෝජනය කරමින් පැමිණි කාර්තික් තවදුරත් කණ්ඩායමේ අවශ්‍යතාවය මත කණ්ඩායමේ රැඳෙන බව කියවේ. කාර්තික් ලෝක කුසලානයට ගියේ ඉන්දීය කණ්ඩායමේ දෙවන කඩුලු රකින්නා ලෙසය. එලෙස ගිය කාර්තික්ට පිතිකරුවෙකු ලෙස අවසන් තරග කිහිපයේ ක්‍රීඩා කිරීමට සිදු විය. ඒ ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයට ලක්වීම හේතුවෙනි. නමුත් දෝනිගේ සමුගැනීමෙන් අනතුරුව කඩුලු රකින්නාගේ අත් ආවරණ කාර්තික්ට නොලැබෙන බව ඉන්දීය ආරංචි මාර්ග පවසයි.
“පන්ට් මේ ඔක්තෝබර් මාසයේ විසි දෙවැනි වියට පා තබනවා. එන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙද්දී ඔහුට අවුරුදු විසි තුනක්. ඔහුට සෑහෙන සහජ දක්ෂතවක් තිබෙනවා. නමුත් ඔහුගේ නිවැරදි කරගත යුතු කරුණු කිහිපයකුත් තිබෙනවා. එවැනි තත්වයකට එන්නට අවුරුද්දක් කියන්නේ හොඳ කාලයක්.”
දෝනිගේ සමුගැනීම ගැන අවධානයෙන් සිටින බොහෝමයක් පිරිස් පවසන්නේ ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් තවත් අවුරුද්දක් ක්‍රීඩා කිරීමට ඇති නිසා දෝනි සමුනොගන්නා බවයි.
2018 වසරේ දී ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ ඉදිරි අවුරුදු තුනට බලපාන පරිදි ක්‍රීඩක ගිවිසුම් අත්සන් කෙරුණ අතර බොහෝමයක් කණ්ඩායම් තමන් සතු තරු ගණයේ ක්‍රීඩකයින් තමා සන්තකයේම රඳවා ගත්හ.
“ඔහුට ඒ ආකාරයෙන් නිකන්ම යන්න දෙන්න බෑ. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම යැපුණේ ඔහු මතින්. ඒ වගේම චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ කොඳු නාරටිය ඔහුයි. ඉන්දීය ජාතික කණ්ඩායමේ පමණක් නොව චෙන්නායි කණ්ඩායමේත් සංක්‍රාන්ති සමය ගැන වගකීමක් ඔහුට තිබෙනවා. චෙන්නායි කණ්ඩායම සමඟ ඔහුට ඇත්තේ දශකයක කාලයට වැඩි බැඳීමක්” ඉන්දියානු ප්‍රිමියර් ලීගයට කිට්ටුවෙන් සම්බන්ධ පිරිස් පවසති.
එක්දින ජාත්‍යන්තර තරග 350කටත්, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 98කටත් තම සහභාගිත්වය දුන් දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දියාව වෙනුවෙන් දිනා නොදුන් කුසලානයක් හෝ ගෞරවයක් නොමැති තරම්ය.
ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය ඇසුරෙනි

මහේන්ද්‍ර සිං දෝනි තවදුරටත් අපේ කණ්ඩායමට අවශ්‍ය නැහැ
Reviewed by piyumantha dissanayaka
on
July 19, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 19, 2019
Rating:

No comments: