කතරගම වන්දනාකරුවන්ට ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු විකුණපු 25 කොල්ලා මාට්ටු වුන හැටි

කතරගම පෙරහැර සමයට සමගාමීව සිදුකෙරෙන විශේෂ වැටලීම් අතරතුරදි හෙරොයින් මත් කුඩු මිළි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු කතරගම මහසෙන් වටරවුම අසලදී තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (15 දින) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව තියෙනවා පහලටම යන්න මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම ගාමිණිපුර පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කලක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වු පුද්ගලයෙකු බවත් සැකකරුට එරෙහිව හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන්ම මහාධිකරණ කිහිපයක විභාග වන නඩු 05ක්ද පවතින බවයි පොලිසිය පැවසුවේ.  සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 300ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් වෙත අලෙවි කිරිමට රැගෙන එමින් සිටි බවයි පොලිස් ප්‍රශ්ණ කිරීමේදී සැකකරු පවසා ඇත්තේ. සැකකරුට ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත් කුඩු ලැබෙන බවයි ඔහු පවසා ඇත්තේ. සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා කතරගම පොලිසියට බාරදි ඇති අතර සැකකරු කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මත්තල ඩී එන් ජයසේකර
කතරගම වන්දනාකරුවන්ට ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු විකුණපු 25 කොල්ලා මාට්ටු වුන හැටි කතරගම වන්දනාකරුවන්ට ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු විකුණපු 25 කොල්ලා මාට්ටු වුන හැටි Reviewed by piyumantha dissanayaka on July 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.