රංජන් රාමනායක ගේ ඇත්ත පැටිකිරිය මෙන්න

රාජ්‍ය ඇමැති රංජන් රාමනායක විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලංකා ස්වයං රැකියා වෘතිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන විසිනි.

තව තියෙනවා පහලටම යන්න වයස අවුරුදු 16-17 අතර වයසේ පසු වූ දැරියක් රන්ජන් රාමනායක ‍රාජ්‍ය අමාත්‍යවරයා විසින් මීට වසර කිහිපයකට පෙර දූෂණය කර ඇති බවට ඔහු සිය පැමිණිල්ලෙන් චෝදනා කරයි. මෙම දැරිය බදුල්ල ප්‍රදේශයේ දැරියක් බවත් ඇය නිළියක් වීමේ ආශාවෙන් බදුල්ලේ සිට කොළඹ පැමිණි අයෙකු බවද පැමිණිලිකාර සුනිල් ජයවර්ධන සඳහන් කරයි.

ඒ අනුව රංජන් රාමනායක අමාත්‍යවරයා ලමා ලිංගික අපචාරකරුවෙක් යැයි තමන් පැමිණිලි කළ බවද ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවද මාධ්‍යයට ඔහු සඳහන් කළේය.
රංජන් රාමනායක ගේ ඇත්ත පැටිකිරිය මෙන්න  රංජන් රාමනායක ගේ ඇත්ත පැටිකිරිය මෙන්න Reviewed by piyumantha dissanayaka on July 16, 2019 Rating: 5

No comments:

Powered by Blogger.