"මගේ පෑන අරවින්ද සිල්වා ලඟ.." - අවුරුදු 8දී අරවින්දගෙන් සමරු සටහනක් ගන්න ආ පුංචි කොල්ලා මෙවර ලෝක කුසලානයේ හිමිකරුවෙකු වුණු හැටි - Photos

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය එංගලන්තයට ලැබීමත් සමඟ ඒ පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වුණා.

මෙය එංගලන්තය ලැබූ පළමු එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය වන අතර, ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට අවසන් මහ තරඟයක සුපිරි පන්දු වාරයක අවස්ථාව දක්වා පැමිණි තරඟයක් ලෙස මෙය ඉතිහාසයට එක් වුණා.

කෙසේ වෙතත්, මෙම තරඟයේදී විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු එංගලන්ත ක්‍රීඩක, ජොස් බට්ලර්ගේ කුඩා කාලයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් BBC ලෝක සේවය පසුගිය දිනෙක වාර්තා කර තිබුණා.
තව තියෙනවා පහලටම යන්න BBC 5 Live නාලිකාවේ විකාශනය වූ මෙම වැඩසටහන Tailenders නම් වන අතර, මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ, Greg James සහ Felix White විසිනුයි.

මෙහිදී, Greg James විසින්, කිසියම් අයෙකු විසින් ලියන ලද චරිතාපදානයකින් කොටසක් අසන්නන් වෙනුවෙන් කියවනු ලබනවා.

පසුගිය දිනෙක ඔහු එසේ කී කතාව, ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන අරවින්ද සිල්වාගෙන් අත්සනක් ලබා ගැනීමට පැමිණි අවුරුදු 8ක කුඩා දරුවෙකු ගැනයි.

"මේ සිද්ධිය වෙද්දි මගේ වයස අවුරුදු 8යි. මං හිටියේ තෝටන්ටන්වල කවුන්ට් ග්‍රවුන්ඩ් එකේ. අරවින්ද සිල්වා ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියා. මට ඔහුගෙන් අත්සනක් ගන්න ඕනි වුණා. ඉතින් සැමරුම් පොතයි පෑනයි අතට අරන් මං මගේ වාරය එනකල් බලන් හිටියා. මගේ අවස්ථාව ආවා. මං අතේ තිබ්බ පෑන අරවින්ද සිල්වාට දුන්නා. ඔහු මගේ සැමරුම් පොතේ අත්සන ගහන්න හදද්දිම පන්දු යවන්නා පන්දු යැවීම සඳහා දුවන් එනවා අරවින්ද දැක්කා. මං දුන්නු පෑන සාක්කුවේ දාගත්ත අරවින්ද සිල්වා ඉක්මනින්ම පන්දු රැකීම ගැන අවධානය යොමු කළා. ඒ පන්දුවට පිතිකරුවා එක ලකුණක් ලබා ගත්තා. අනිත් පිතිකරුවා වමත් පිතිකරුවෙක්. ඉතින් අරවින්ද සිල්වාට ක්‍රීඩා පිටියේ අනිත් පැත්තට යන්න වුණා. මගේ පෑනත් සාක්කුවේ දාගෙන ඔහු අනිත් පැත්තට ගියා.. මට ඔහුගේ අත්සන ලබාගන්න වුණේ නෑ, ඒ වගේම, ආයෙ කවදාවත් ඔහු අරන් ගිය පෑන හම්බ වුණෙත් නෑ.. ඒ හැන්දෑව බොහෝම දුක්බර හැන්දෑවක් වුණා. එදා හිටපු ඒ අට හැවිරිදි පොඩි එකා වෙනින් කවුරුත් නෙවෙයි, එංගලන්තයේ සුපිරි පිතිකරු මෙන්ම කඩුළු රකින ක්‍රීඩක ජොස් බට්ලර්..."



"මගේ පෑන අරවින්ද සිල්වා ලඟ.." - අවුරුදු 8දී අරවින්දගෙන් සමරු සටහනක් ගන්න ආ පුංචි කොල්ලා මෙවර ලෝක කුසලානයේ හිමිකරුවෙකු වුණු හැටි - Photos "මගේ පෑන අරවින්ද සිල්වා ලඟ.." - අවුරුදු 8දී අරවින්දගෙන් සමරු සටහනක් ගන්න ආ පුංචි කොල්ලා මෙවර ලෝක කුසලානයේ හිමිකරුවෙකු වුණු හැටි - Photos Reviewed by piyumantha dissanayaka on July 16, 2019 Rating: 5

No comments:

Powered by Blogger.