මාස 4ක් කලවානම බය කල නීට්ටෑවට වෙච්ච දේ මෙන්න

මාස හතරක පමණ සිට නිට්ටෑවකු ලෙස හැසිරෙමින් කලවාන අවට ගම් කීපයක කාන්තාවන් භීතියට පත් කළ අනංගයා යැයි සැක කෙරෙන පුද්ගලයකු පෙරේදා (13දා) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
තව තියෙනවා පහලටම යන්න ඉකුත් මාස කීපයකදී කලවාන, වැලිකුඹුර හා අලුත්වත්ත ආදී ගම් ආශ්‍රිතව කාන්තාවන් කීපදෙනකුට අතවර කිරීමට තැත් කරද්දී ඔවුන්ගේ කෑගැසීම අනුව පලා ගිය නිට්ටෑවකු පිළිබඳව ආරංචිය ප්‍රදේශය පුරා පැතිර තිබිණි. ඒ පිළිබඳව සොයාබැලූමුත් මෙතෙක් එවැන්නකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
මිටි, මහත, මුහුණ පුරා රැවුල වවාගත් මේ පුද්ගලයා තමන් දුටු එම නිට්ටෑවාට සමාන බව ඇතැම් කාන්තාවන් හඳුනාගෙන තිබේ.

මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වී ඇත්තේ කලවාන බස්නැවතුම්පොළ අසල සැකකටයුතු අන්දමින් හැසිරෙමින් සිටියදීය. අත්අඩංගුවට ගැනීමේදී ඔහු අතේ රඳවාගෙන සිටි ගමන් මල්ලේ උපත් පාලන කොපු විසිපහක් හා කෘත්‍රිම (රබර්) පුරුෂ අවයවයක්ද තිබුණු බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
අවුරුදු 34ක වයස වූ මේ තැනැත්තා අකුරැස්ස ප්‍රදේශයේ අයකු යැයි පිළිගෙන ඇති අතර මෙහි පැමිණීමට පිළිගත හැකි හේතුවක් දක්වා නැතැයි කියයි.
පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ මහතාගේ උපදෙස් මත උ.පො.ප. අමරපාල, පො.කො. තෙන්නකෝන් (88328), පොලිස් සැරයන් රියැදුරු ජයසිරිආරච්චි අත්අඩංගුවට ගැනීමට සහභාගි වී ඇත.

ඊයේ (14දා) දින මෙම සැකකරු රත්නපුර මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.
සේන ජයකොඩි
මාස 4ක් කලවානම බය කල නීට්ටෑවට වෙච්ච දේ මෙන්න මාස 4ක් කලවානම බය කල නීට්ටෑවට වෙච්ච දේ මෙන්න Reviewed by piyumantha dissanayaka on July 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.