අපට තරමක් සමීප කෙනකුත් මෙම ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. ඒ ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම නළුවකු වන ආක්ෂේ කුමාර්. ඔහුට මෙම ලැයිස්තුවේ 33 වැනි තැන දිනාගැනීමට හැකිවී තිබෙනවා. මුළු ලෝකයේම ජනප්‍රිය පුද්ගලයන් අතරින් 33 වැනියා බවට පත්වීම සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නොවෙයි. මෙම ලැයිස්තුවට අයත් වන්නේ නළු නිළියන් විතරක් නොවෙයි කියන එකත් මෙහිදී සඳහන් කළ යුතුයි. සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ගායක ගායිකාවන් වගේ අයත් මෙයට ඇතුළත්. ඉතින් ඒ සියලු දෙනා අතරින් තමයි ආක්ෂේ මේ ස්ථානය දිනාගෙන තිබෙන්නේ. මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටින එකම ඉන්දියානුවා ආක්ෂේ පමණක් වීමත් තවත් විශේෂත්වයක්.
තව තියෙනවා පහලටම යන්න පසුගිය වසරේ ජුනි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා ඔහු උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක් බව සඳහන් වෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1,100ක ආදායමක්. ආක්ෂේ සාමාන්‍යයෙන් චිත්‍රපටයක රඟපෑම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5-10 අතර (ලංකා රුපියල් කෝටි 90-180) අතර මුදලක් අය කරන බවයි සඳහන් වන්නේ. පසුගිය වසරවල ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් වැනි අයත් මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට සමත්ව සිටියත් මේ වසරේ ඔවුන් ඒ අතින් සාර්ථක වී නැහැ. රිහානා, ජැකී චෑන්, කේටි පෙරී, බෘෘනෝ මාර්ස්, ජෙනිෆර් ලෝපෙස් වැනි සුපිරි කලාකරුවන් පවා සිටින්නේ ආක්ෂේට පහළින් වීම තවත් අපූරු කාරණයක්.
මෙම ලැයිස්තුවේ අංක 1 ස්ථානය දිනා සිටින්නේ අතිශය ජනප්‍රිය ඇමෙරිකානු ගායන ශිල්පිනියක වන ටේලර් ස්විෆ්ට්. ඇය අදාළ කාලය තුළ උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 185ක්. (ලංකා රුපියල් කෝටි 3,300ක්). 2 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා දිනාගෙන ඇත්තේ පිළිවෙළින් කයිලි ජෙනර්, කෙන්යා වෙස්ට්, ලයනල් මෙසී, එඩ් ෂීරන් යන අයයි. ඔවුන්ගේ ආදායම් සටහන් වන්නේ (ඇ. ඩොලර්වලින්) මිලියන 170, මිලියන 150, මිලියන 127 සහ මිලියන 110 වශයෙනුයි. සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වන රොනාල්ඩෝ සහ නේමාර් 6 සහ 7 යන ස්ථාන දිනාගෙන සිටින අතර ඩොලර් මිලියන 109 සහ මිලියන 105 වශයෙන් ආදායම් උපයා තිබෙනවා.
චිත්‍රපටවල රඟපෑමෙන් මෙන්ම වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීමෙන්ද ආක්ෂේ විශාල වශයෙන් මුදල් උපයන බව රහසක් නොවෙයි. 2018 වසරේ ඔහු රඟ පෑ 'පෑඩ්මෑන්', 'ගෝල්ඩ්', '2.0' යන චිත්‍රපට අතිශයින් සාර්ථක වුණා. මේ අතරින් '2.0' චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට අතර දෙවැනි තැන දිනා සිටින චිත්‍රපටයයි. එය ඉන්දියානු රුපියල් කෝටි 565ක් ඉපැයීමට සමත්ව තිබෙනවා. ( මේ අතින් පළමු තැන සිටින්නේ 2017 වසරේ තිරගත වූ 'බහුබලී-2: ද කන්ක්ලූෂන්' (Bahubali-2: The Conclusion) චිත්‍රපටයයි. එය ඉපැයූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 1,430ක්).
ඉදිරියේදීද ආක්ෂේ රඟන චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතව තිබෙන අතර ඒ අතරින් මිෂන් මන්ගල්, හවුස්ෆුල්-4, ගුඩ් නිව්ස්, ලක්‍ෂ්මි බොම්බ්, සූර්යවංශි කැපී පෙනෙනවා. මෙම චිත්‍රපටද බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවටයි අනාවැකි පළවෙන්නේ.
මේ වනවිට 51 වැනි වියෙහි පසුවන ආක්ෂේ උපන්නේ 1967 සැප්තැම්බර් 9 වැනිදායි. ආක්ෂේ කුමාර් යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහුගේ මුල් නම වූයේ රජිව් හරී ඕම් බාතියා යන්නයි. ආක්ෂේගේ පියා හමුදා නිලධාරියකු වූ අතර ආක්ෂේ කුඩා කාලයේ වැඩි උනන්දුවක් දක්වා ඇත්තේ ක්‍රීඩාවලටයි. කෙසේ නමුත් 1991 වසරේ ඔහු සිනමාවට අවතීර්ණ වූ අතර 'සෞගන්ධ්' චිත්‍රපටයේ තමයි ඔහු පළමු වරට රඟපෑවේ. ආක්ෂේ සිනමා නළුවකු ලෙස වඩාත් කැපී පෙනෙන්නට පටන් ගත්තේ 1992 වසරේ තිරගත වූ 'කිලාඩි' චිත්‍රපටයත් සමඟ බවයි සැලකෙන්නේ. අද වනවිට ඔහු චිත්‍රපට 120කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ආක්ෂේ සටන් කලා (Martial Arts) සම්බන්ධයෙන්ද විශාල උනන්දුවක් දක්වන කෙනකු බව රහසක් නොවෙයි.
සනත් වික්‍රමගේ
ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාරගේ ගේ ආදායම මෙන්න
Reviewed by piyumantha dissanayaka
on
July 23, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 23, 2019
Rating:

No comments: