රිෂාඩ් බදියුදීන් කියන්නේ ඇත්තටම වැඩට දක්ෂ, උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක් - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රිෂාඩ් බදියුදීන් කියන්නේ ඇත්තටම වැඩට දක්ෂ, උනන්දුවෙන් කටයුතු කරන විශාල සේවයක් සමුපකාර අමාත්‍යාංශයට සිදුකළ පුද්ගලයෙක්. විවිධ චෝදනා එල්ල වුණත් ඒවායේ ප්‍රතිඵල මොකක්ද කියලා මම කියන්න ඕන නෑනේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාස්කු දින සිදු වූ ප්‍රහාරය අප රටට අලුත් අත්දැකීමක් බවත් ඒ සිදුවීමත් සමඟ රට කඩා වැටෙයි කියා සිතා වහාම ක්‍රියාත්මක වූ බවත් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉකුත්දා (20දා) පැවැති 97 වැනි ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
තව තියෙනවා පහලටම යන්න බෝම්බ පිපිරීමත් සමඟම රට කඩා වැටීම නවත්වන්න මේ බෝම්බ දැම්ම ත්‍රස්තවාදීන් සියලු දෙනාම අපි ආණ්ඩුව භාරයට ගන්න ඕන කියල හිතුවා. ඒ අනුව මම පොලිසියටයි හමුදාවටයි කිව්වා කරුණාකරලා ගිහින් මේක හොයල හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න කියලා.

ඉන් පසුව අපිට අරමුණු දෙකක් තිබුණා.

ඒ තමයි මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා හඳුනාගෙන ජීවතුන් අතර ඉන්න අය පොලිසියේ රඳවාගෙන එයාලට විරුද්ධව නඩු දැමීම් සිදු කිරීමත් රටේ ආරක්ෂාව තහවුරු කරමින් යළි මෙවැන්නක් නොවීමට කටයුතු කිරීම. මේ වනවිට දැන් පළමුවැනි එක කරල තියෙන්නේ. දෙවැනි එක තමයි කරගෙන යන්නේ.

අවාසනාවකට මේ මෙහෙයුම්වලදී අපේ නිර්භීත නිලධාරීන් තුන් දෙනෙකුට ජීවිත නැති වුණා. නමුත් එතන ඉඳන් ඉදිරියට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සොයා ගත්තා.

දෙවැනුව මේ අයත් එක්ක සම්බන්ධ වුණු අනෙක් සංවිධානත් දෙසීයක් පමණ පිරිස දැනට රැඳවුම් නියෝග යටතේ ඉන්නවා. ඒ අය ගැන පරීක්ෂණ කරගෙන යනවා. මේ මෙහෙයුම කරන්න උදවු කරපු පොලිසියේ නිලධාරීන්ට හමුදා නිලධාරීන්ට ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සියලු දෙනාටම ප්‍රශංසා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

2001-2019 අතර එංගලන්තෙ විතරක් ත්‍රස්තවාදී නීතිය 15 වතාවක් සංශෝධනය කරල තිබෙනවා. අවුරුද්දෙන් දෙකෙන් අර්ථ නිරූපණය සංශෝධනය කරලා අපරාධය සංශෝධනය කරල අලුත් තත්ත්වයක් එක්ක අලුතෙන් නීති ගේනවා. ඇමෙරිකාවේ ඒ වගේ නීති කීප වතාවක් ඉදිරිපත් කරල තියෙනවා. අපේ සමහරු කියනවා දැන් තියෙන නීති ඇති කියල. දැන් තියෙන නීති මදි. ඒ නීති දිහා බලන්න ඕන. සමහර රටවල නම්කරපු රටවල් වලට යනඑක තහනමක් සිරියාවට යන එක තහනමක් සමහර රටවලින් වෙනත් රටවලට යන්න පුළුවන් නම් කරපු  කණ්ඩායමකට විතරයි. සමහර ප්‍රදේශවල රටවල කියල තියෙනවා අධ්‍යාපනයේදී අන්තවාදය උගන්වන්න බෑ කියල. අන්තවාදය උගන්වනවා නම් ඒ ගැන වාර්තා කරන්න. වාර්තා කළේ නැත්නම් මේ ගුරුවරුන් ඒකට වැරදිකරුවන් බවට පත් වෙනවා.

මේවා තමයි පරික්ෂා කරගෙන ලංකාවට වුවමනා නීති ටික සම්මත කරන්න ඉන්නෙ. ඒවා සකස් කරල අපිට සම්මත කරන්න තියෙනවා මෙතනින් තමයි මේක ආරම්භයක් කරගෙන යන්නෙ. දෙවැනුව බුද්ධි අංශයේ මේ තොරතුරු එකතු කරන්න තවත් ශක්තිමත් කරන්න තියෙනවා. ඒ තොරතුරු සොයාගෙන තමයි බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කරන්න තිබෙන්නෙ. ලෝකෙ හැම රටක්ම එහෙම තමයි බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කරල තියෙන්නෙ. මෙහෙම වැඩ කටයුතු කරන කොට ලෝකෙ අනිත් රටවලුත් එක්ක ගනුදෙනු කරන්න තියෙනවා.

උදය කුමාර රණවීර
රිෂාඩ් බදියුදීන් කියන්නේ ඇත්තටම වැඩට දක්ෂ, උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක් - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රිෂාඩ් බදියුදීන් කියන්නේ ඇත්තටම වැඩට දක්ෂ, උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක් - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Reviewed by piyumantha dissanayaka on July 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.