ලස්සන වෙන්න කැමැති නම් රාත්‍රියට මේ පුංචි දේවල් ටික කරන්න

කාර්යබහුලත්වය නිසාවෙන් අද බොහෝ තරුණියන් රූපලාවණ්‍ය සත්කාරවලට යොමු වන්නේ රාත්‍රි කාලයේදීයි. එනිසාවෙන්ම අද අපි ඔබට කියන්නේ නිවෙසේදීම ඔබට ඉතා පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රි ආලේපන සහ සීරම් පිළිබඳවයි. මෙම සත්කාර ඔබේ සමට මනා පෝෂණයක් ලබාදෙන අතරම ඔබ නොසිතන තරමේ පැහැපත් බවක් එක් කරාවි.

කෝමාරිකා ජෙල් මේස හැන්දක්, කස්තුරි කහ මේස හැන්දක් සහ විටමින් ඊ කරල් තුනක් ගෙන එකිනෙක මිශ්‍ර කරන්න. සාදාගත් එම මිශ්‍රණය රාත්‍රි කාලයේදී මුහුණේ ආලේප කරන්න. මෙම මිශ්‍රණය සුළං නොවදින සේ භාජනයක බහා තැබීමෙන් සතියක පමණ කාලයක් භාවිතයට ගත හැකිය.

තව තියෙනවා පහලටම යන්න ආමන්ඩ් ඇට කිහිපයක් බ්ලෙන්ඩර් කර ගන්න. එයට යෝගට් හෝ මුදවාපු කිරි මේස හැඳි තුනක්, අඹරාගත් දෙහි ලෙල්ලක්, මී පැණි තේ හැඳි දෙකක්, රෝස වතුර මේස හැඳි දෙකක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි දෙකක් එක් කරන්න. ඉන්පසුව එය හොඳින් මිශ්‍ර කර ශීතකරණයෙහි තබන්න. එසේ නොමැතිනම් එය සුළං නොවදින සේ භාජනයකට දමා භාවිතයට ගත හැකියි.

සාදාගත් මිශ්‍රණය රාත්‍රි කාලයේදී මුහුණේ ආලේප කරන්න. දිනපතා රාත්‍රි කාලයේදී මෙම සත්කාරය කිරීමෙන් ඔබට පැහැපත් සමක් ලබාගත හැකියි. කුරුලෑ, ලප, කැළැල් ඉවත් කිරීමට රාත්‍රි සත්කාරයක්

කෝමාරිකා ජෙල් මේස හැඳි දෙකක්, නැවුම් කිරි මේස හැඳි දෙකක් සහ සීනි තේ හැඳි දෙකක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 20කින් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

රාත්‍රි කාලයට සුදුසු සීරම්

රෝස වතුර මේස හැඳි තුනක්, දෙහි යුෂ මේස හැන්දක්, ඔලිව් ඔයිල් මේස හැන්දක්, කෝමාරිකා ජෙල් මේස හැන්දක් සහ සුදු හඳුන් කුඩු මේස හැන්දක් ගෙන එකිනෙක මිශ්‍ර කරන්න. ඉන්පසුව මෙම මිශ්‍රණය පිරිසුදු රෙදි කඩකට දමා මිරිකා යුෂ පෙරා ගන්න. එම යුෂ දිනපතා නින්දට යෑමට විනාඩි 20කට පෙර මුහුණේ ආලේප කරන්න.

එමඟින් ඔබගේ මුහුණේ ඇති කුරුලෑ, ළප කැලැල් ආදිය ඉවත් වී නැවුම් සහ පැහැපත් සමක් ලබා ගත හැකියි.
ලස්සන වෙන්න කැමැති නම් රාත්‍රියට මේ පුංචි දේවල් ටික කරන්න ලස්සන වෙන්න කැමැති නම් රාත්‍රියට මේ පුංචි දේවල් ටික කරන්න Reviewed by piyumantha dissanayaka on July 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.