එය අපුරු පුවතක් ලෙස වාර්තාවුවද?.. පුවතෙහි අතුළාන්තය ඉතාම ඛෙදනියය. මෙම දැරිවියගේ එක් සහොදරයකු රොගී වි ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ මව සමග නෙවාසිකව ප්‍රතිකාරලබන අතර, සිය පියා ඔහුන් ජිවත්වන තේ කාර්මාන්ත ශාලාවේ මාසික (කුලි වැඩ) රෑකියා වාරය සම්පුර්ණ කිරිම සදහා යෑම හෙතුවෙන් තම කුඩා සහෝදරයා නිවෙසේහි තනිකර දාමා එමට නොහැකි විම නිසා මෙලෙස විභාග ශාලාවට සිය බල සහොදරයා කැදවා ගෙන ගොස් තිබේ.
තව තියෙනවා පහලටම යන්න උදැසන විභාගය ආරම්භ කිරිමට ප්‍රථම සියලු සිසුන් විභාග ශාලාවට පැමිණ ඇත්දැයි පරික්ෂා කර බැලු විදුහල්පති ඒ.කේ.එච්.එස්.තුෂාර මහතා විසින් මෙම සිසුවිය පාසලට පැමිණ නොමැති බව දැනගෙන තිබේ. පසුව ත්‍රිරෝද රථයක් ගුරුවරියක් සමග නිවසට යවා මෙම සිසුවිය විභාගයට පෙනි සිටිම සදහා කැදවා ගෙන එම මනුසත් ගුණදම් සපිරි සමාජයේ සියලු දෙනාගේ නෙතට කදුළු වුනන සිදුවිමක් විය.
මව්බිම පුරා වෙසෙන සියලු විදුහල්පතිවරුන්ට අදර්ශක් වෙමින් සිය රජකාරියට එහා ගිය කියාමාර්ගයක් ගත් උඩලමත්ත මහා විද්‍යාලයේ විදුහලපති ඒ.කේ.එස්.එච් තුෂාර මහතා මෙහිදී පැසසුමට ලක් කල යුතුය.
මෙම දැරිවිය ඉගනිමට දක්ෂ සිසුවියක් වන අතර, රෝගි තත්ත්වයක් නිසා ඇයට එක් පාදයක් අහිමි වි තිබේ. රට පුරා දැවන්ත සංවර්ධන යෝජනා මහා ඉහලින් ක්‍රියාත්මක වන මෙවන් යුගක මෙම දැරිවියට ඉන්න හිටින්නට ස්ථිර නිවසක් නොමැත. මෙම දැරිවිය ඇතුළු පවුලේ සියළු දෙනා හිසට සෙවණක් ලබා ගන්නේ තේ කාර්මන්ත ශාලාවක ලයිම් කමාරයක් තුලය. ඒ හේතුව නිසාම පවුලේ කුමන තත්ත්වයක් වුවද මාසික කුලිවැඩ මුරය සම්පුර්ණ කිරිමට දැරිවියගේ පියාට සිදුවේ.
මෙම දැරිවියට රට පුරා මේ මොහෙතේ කියාත්මක උදාගම් වැඩ සටහන යටතේ හෝ හිසට සේවනක් ලබා දෙන මෙන් වගකිවයිතු බලධාරින්ගේ ඉල්ලා සිටින අතර, ඒ සදහා අවදානය යොමු කිරිම සිත්පිත් ඇති ජනතාව අගයකරනු ඇත.
හබරාදුව - අනුර ලියනගේ
මල්ලී බලා ගන්න ගමන් විභාගය ලියූ සිසුවිය ගේ කතාව
Reviewed by piyumantha dissanayaka
on
July 23, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 23, 2019
Rating:

No comments: