මතට ඇබ්බැහිවීම නැතිකරගන්නා ආකාරය මෙන්න

වයස අවුරුදු 60ක විතර තාත්තා කෙනෙක්. හොඳට ම වැහැරිලා ගිහින්. ගොඩක් දුක් විඳින කෙනෙක් වගේ. සමහර විට හරි හමන් රස්සාවක් නැතුව ඇති. දරුවො සළකන්නේ නැතුව ඇති.

ඩොක්ටර් මගේ පුතා කුඩු බොනවා. දවසට රුපියල් 2000ක් විතර... අනේ දොස්තර මහත්තයෝ පින්සිද්ද වෙයි මට මේක නවත්තලා දෙන්න. කොල්ලත් කැමතියි මොනවහරි කරල මේක නවත්තගන්න.

ඩොක්ටර් මං දවසට පැකට් තුනක් ගහනවා. ගැහුවෙ නැත්තම් මුලු ඇඟම රිදෙනවා. කඳුලුත් එනවා. මේ ජරාවෙන් මිදෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ.
මොකද්ද ඔයා කරන රස්සාව?
මං ත්‍රීවීල් දුවනවා සර්. කොහොම හරි බලන්නෙ හොරකං කරන්නේ නැතුව දවසට රුපියල් දෙදාහක් හොයාගන්න.

තව තියෙනවා පහලටම යන්න ඩොක්ටර් මං ජොබ් එක කරන්නේ අහවල් ඔෆිස් එකේ. මං මේ ජරාවට හුරුවුනේ යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහින්. දැන් මගේ වයිෆුත් ගන්නවා. අපි දෙන්නටම මේක නවත්තගන්න උදව් කරන්නකෝ...

මං මාලු රස්සාව කරන්නේ. වාඩියේ දි මේකට පුරුදු වුනේ. දැන් මට මේව නැතුව බැහැ සර්. වයිෆ්ට ගිය මාසෙ බබා හම්බවුනේ. බුදුබව අත්වෙයි සර් මේක නවත්තගන්න ක්‍රමයක් කියන්නකෝ. මගෙ දරුවා ගැන හිතල හරි මට මේක නවත්තගන්න ඕනි සර්.

හෙරොයින්. සරලවම කීවොත් ජරාවක්. හිතාගන්නත් බැරි විදියට මිනිස්සු ඇබ්බැහි කරගැනීමේ බලයක් තියනවා. දවසක් ගන්න බැරිවුණොත් sick එක හැදෙනවා.

එවිට දරාගන්න බැරි විදියට මුළු ඇඟ ම රිදෙනවා. හරියට නින්ද යන්නෙත් නැහැ. නහයෙන් සොටු දියර නිමක් නැතිව ගලනවා, ඇස් වලින් කඳුලු එනවා, ඉතින් මෙහෙම දුක් විඳින්න බැරි හන්ද මෙයා ආයෙම හෙරොයින් ගන්නවා. එතකොට ඒ අමාරු ගතිය නැත්තට ම නැතිවෙලා යනවා. හැබැයි ඒ පැය 12ක් විතර යනකම් විතරයි ආයේ ගත්තෙ නැත්තම් ආයෙත් sick එක.

ගොඩ දෙනෙක් ට හෙරොයින් ගන්න එක නවත්වන්න ඕනි වුණත් එයාලට ඒක කරගන්න බැරි ඔන්න ඕකයි.

ඒත් ඇත්තම කීවොත් මේ ඇබ්බහියෙන් අත් මිදෙන්න ඒ හැටි අමාරු නැහැ.

සමහර doctors ලා හෙරොයින් ඇබ්බැහිය ට ප්‍රතිකාර කරනවා.

මේකෙදි සරලව ම වෙන්නේ sick එකේ ලක්ෂණ වලට විරුද්ධව බෙහෙත් දෙන එක. ඒ කිව්වෙ මේකයි. ඇඟ පත රිදෙන එකට ටිකක් සැර වැඩි pain killer එකක් දෙනවා. නින්ද යන්නේ නැති එකට සැර වැඩි නිදි බෙහෙතක් දෙනවා. හොටු, කඳුළු එන එක නවත්තන්න තව බෙහෙතක් දෙනවා.

ලෙඩාට කියනවා හෙරොයින් වෙනුවට මේ බෙහෙත් ගන්න කියලා. සතියක් විතර මේවා බීලා නැවැත්තුවා ම වැඩේ හරි. මේ බෙහෙත් සතියක් ගත්තා කියලා බෙහෙතට ඇබ්බැහි වීමක් වෙන්නෙත් නැහැ, නැවැත්තුවාට sick එකක් එන්නෙත් නැහැ. එතකොට බෙහෙත් නවත්තපු ගමන් වැඩේ හරි. Sick එක එන්නේ නැති නිසා මෙයාට ආයෙම හෙරොයින් ගන්න ඕනි වෙන්නේ නැහැ.

දැන් ඔයාල බලයි කොහෙද මෙහෙම treat කරන තැන් තියන්නේ කියලා.

ඔයාගේ ගෙවල් ළඟ ඉන්න doctor ගෙන් අහන්න එයා සමහර විට හෙරොයින් ඇබ්බැහියට ප්‍රතිකාර කරනවා ඇති. එහෙම නැත්තම් එයා එහෙම තැනකට ඔයාව යොමු කරයි.

මේ කියන බෙහෙත් ටික ගන්න හෙරෝයින් ගන්නවා තරම් මුදලක් යන්නේ නැහැ.
ඒ වගේ ම පෙති,ගුලි,injection වගේ වෙනත් අත්මිදෙන්න අමාරු ඇබ්බැහි වලටත් මේ බෙහෙත් හරියනවා.

මනෝ වෛද්‍යවරයකු සිටිනා රජයේ රෝහලක දී ත් ඔබට මෙම සේවාව ලබා ගත හැකිය.

මේ post එක අනිවාර්‍යයෙන් ම share කරන්න. මේ කියන දේ වැදගත් වෙන ගොඩ දෙනෙක් පොස්ට් එක කියවලා ප්‍රතිකාර වල ට යොමුවෙයි. නැතිවෙලා වල්මත් වෙලා තියන එයාගෙ ජීවිතේ හදාගන්න එයාලට පුළුවන් වෙයි. ඒ පිනෙන් කොටසක් ඔයාලටත් අයිති වෙයි.

Post එක හොඳ නම් like කරන්න වගේ ම ඔයාලට හිතෙන දේ ත් comment කරන්න.

උපුටා දැක්වීමකි
මතට ඇබ්බැහිවීම නැතිකරගන්නා ආකාරය මෙන්න මතට ඇබ්බැහිවීම නැතිකරගන්නා ආකාරය මෙන්න Reviewed by piyumantha dissanayaka on July 16, 2019 Rating: 5

No comments:

Powered by Blogger.