තැඹිලි හා පොල් වතුර විකුනලා මෙච්චර මුදලක් හොයන්න පුළුවන් කියලා ඔබ නිකමටවත් සිතුවාද...?

ඉකුත් වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා ලංකාවේ පොල්වතුර හා තැඹිලි ගෙඩි අපනයනයෙන් රුපියල් මිලින 1252.05ක ආදායමක් උපයාගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි. පොල්වතුර මෙටි්‍රක් ටොන් 5,047ක්ද, තැඹිලි ගෙඩි 58,94,634ක් 2018 වසරේ අපනයනය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ 2018 කාර්යසාධන වාර්තාවෙන් පෙන්වා දී ඇත.
මේ අනුව 2017 වසරට වඩා 2018 වසරේදී පොල්වතුර මෙටි්‍රක් ටොන් 1,102ක්ද තැඹිලි ගෙඩි 7,38,663ක්ද අපනයනය කර ඇත.

තව තියෙනවා පහලටම යන්න එසේ වුවද පොල්තෙල් මෙටි්‍රක් ටොන් 6310ක් 2017දී අපනයනය කර ඇතත් 2018දී අපනයනය කර ඇත්තේ පොල්තෙල් මෙ.ටොන්. 4600ක් බවද මේ නිසා පොල්තෙල් අපනයනයේ ආදායම 2017ට සාපේක්ෂව 2018දී 21%කින් අඩු වී තිබේ. පිරිසුදු පොල්තෙල් අපනයනයෙන්ද 2017ට වඩා 2018 ආදායම 10%කින්ද බි්‍රස්ටල් කෙඳි අපනයනයෙන් 2018 වසරේ 54%ක පාඩුවක්ද ලබා ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ
ජයසූරිය උඩුකුඹුර
තැඹිලි හා පොල් වතුර විකුනලා මෙච්චර මුදලක් හොයන්න පුළුවන් කියලා ඔබ නිකමටවත් සිතුවාද...? තැඹිලි හා පොල් වතුර විකුනලා මෙච්චර මුදලක් හොයන්න පුළුවන් කියලා ඔබ නිකමටවත් සිතුවාද...? Reviewed by piyumantha dissanayaka on July 17, 2019 Rating: 5

No comments:

Powered by Blogger.