ඇඟ විකුනා මුදල් සෙවූ කාන්තාවක් නීතියේ රැහනට හසු වූ විට පොලිස් නිලදාරියෙකුට කී දුක්බර කතාවක්....

මෝරා නැගුනු විට..
මාල හත නැතිවම බාරි වූවා සිහින
කුමරුන් සමඟ සදහට..
කාල හෝරා ගෙවී ගොස් තුටින්
සිටියත් කදිමට..
දාල යන්නම පැලේ සොම්නස කණකොකා
හැඩුවා දිනක් අපෙ නිවසට...

තව තියෙනවා පහලටම යන්න වෙසක් සඳ නැග එන්න වෙර දරපු
කිට්ටු දවසක පෝයට..
වගක් නැතිවම බිලිගත්ත මගේ
හිමිසඳ පාරෙ ගිය මාරයෙක් සදහට..
ගොඩක් දුක් වින්ද එයින් පසු
පැටවු සමඟින් හරියට...
එකෙක් නැහ සෙව්වෙ අපි ගැන මගෙ
එවුන්වත් ඇත්තට...

කුසගින්න මගෙ පැටවුන්‍ට කළා
සරදම් ලොකුවට..
ණයගොන්න හිර උනා උකස් ඉඩමත්
සින්න වෙන්න තරමට..
විඳවන්නා බැරි උනා දුක් කන්ද
පණ තියෙන ගැහනියක් විලසට..
නිදියන්න මම සිතුව රොන් සොයන
බඹරුන් සමඟ බැරිම තැන
මුදලට...

පතිවතට වඩා ලොකු උනා මට
පැටවුන්ගෙ බඩ වියත...
කල පවට නැත සමා දන්නවා
මමත් ඔය නීති පොත..
ඒ ලෙසට හෙව්ව මුදලින් පිරවුනා
පැටවුන්ගෙ බඩ වියත..
මේ ලොවට ඇඟ පුදා කාසි හෙව්
ඔය තමා මගේ දුක්බර
ඇඟ විකුනා මුදල් සෙවූ කාන්තාවක් නීතියේ රැහනට හසු වූ විට පොලිස් නිලදාරියෙකුට කී දුක්බර කතාවක්.... ඇඟ විකුනා මුදල් සෙවූ කාන්තාවක් නීතියේ රැහනට හසු වූ විට පොලිස් නිලදාරියෙකුට කී දුක්බර කතාවක්.... Reviewed by piyumantha dissanayaka on July 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.