ලුතිනන් කර්නල් ධෝනි ක්‍රිකට් ක්‍රීඩාව අතහැර හමුදා සේවය තෝරා ගනියි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍රසිං ධෝනි ක්‍රිකට් පිත්ත සහ පන්දුව තාවකාලිකව පසෙකින් තබමින් තමා අයත් යුද හමුදා රෙජිමේන්තුවේ සේවයට අනුයුක්ත වීමට තීරණය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු තුන්වෙනිදා පටන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟ මාලාවකට සහභාගී වීමට නියමිතව ඇති අතර, හමුදා සේවය තෝරා ගැනීමත් සමඟ හිටපු නායක සහ කඩුලු රකින ක්‍රීඩක ධෝනිට එම සංචාරය අහිමි වෙයි.

සිය කණ්ඩායමේ නායකත්වයෙන් දැනටමත් ඉවත්ව සිටින මහේන්ද්‍රසිං ධෝනි පිතිකරුවකු සහ කඩුලු රකින ක්‍රීඩකයකු හැටියට තවමත් ඉන්දියානු කණ්ඩායම තුළ රැඳී සිටියි.

පසුගියදා නිමවුණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීත් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින්නා හැටියට ඔහු ක්‍රීඩා කළේය.

තව තියෙනවා පහලටම යන්න කෙසේවුවද,ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකායේ ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් දරන ධෝනි සිය ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මතුවීමෙන් අනතුරුව,ඉදිරි මාස දෙකෙන් වැඩි කාලයක් එම රෙජිමේන්තුවේ ගත කිරීමට තීන්දු කර ඇත.

ඉන්දියාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් කිරුල දිනාගන්නා ලද්දේ ධෝනිගේ නායකත්වයෙනි.

"මහේන්ද්‍රසිං ධෝනි මේ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නැහැ," ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

එම නිලධාරියා PTI පුවත් සේවයට අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.

" තම රෙජිමේන්තුවේ මාස දෙකක් ගත කරන නිසා බටහිර ඉන්දීය සංචාරයට එක් නොවීම ධෝනි විසින්ම ගන්නා ලද තීරණයක්."

කීර්තිමත් ඉතිහාසයක් සහිත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන මහේන්ද්‍රසිං ධෝනි ජාත්‍යන්තර එක්දින තරඟ 350 කට ක්‍රීඩාකර ඇත.

"මහේන්ද්‍රසිං ධෝනි මේ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නැහැ.ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.
පසුගියදා එංගලන්තයේ පැවැත්වුන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව අවසාන පූර්ව තරඟය තෙක් පෙරට ගිය අතර, දැනට තිස් අට(38) වෙනි වියේ පසුවෙන මෙම ක්‍රීඩකයා සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත අරගලයක නිරත විය.

2014 වසරේ ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

මෙවර ඉන්දියානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට විස්සයි විස්ස තරඟ තුනක්, එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් වෙයි.

මහේන්ද්‍රසිං ධෝනි හමුදා සේවය තෝරා ගැනීමේ සිය තීරණය ජූලි 21 ඉරිදා තේරීම් කමිටුව රැස්වීමට පෙර ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

ධෝනිගේ අත්වැස්මේ වූ මතභේදයට තුඩුදුන් යුද ලාංඡනය මගින් 'බලිදාන්' පරිත්‍යාගය යන තේරුම් දෙයි
ධෝනි කඩුලු රැකීමේ දී සිය රෙජිමේන්තුවේ යුද ලාංඡනය සහිත අත්වැස්මක් පාවිච්චි කිරීම මුල්කර ගනිමින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අතර අර්බුදකාරී තත්වයක් ද මතුවිය.

එහෙත් ඔහු ඊළඟ තරගවල දී එම යුද ලාංඡනය නොමැති අත්වැස්මක් පැළඳ කඩුලු රැකීමේ නිරත විය.
ලුතිනන් කර්නල් ධෝනි ක්‍රිකට් ක්‍රීඩාව අතහැර හමුදා සේවය තෝරා ගනියි ලුතිනන් කර්නල් ධෝනි ක්‍රිකට් ක්‍රීඩාව අතහැර හමුදා සේවය තෝරා ගනියි Reviewed by piyumantha dissanayaka on July 21, 2019 Rating: 5

No comments:

Powered by Blogger.