කුලසේකර ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමේ තරඟයක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම ඉල්ලීම ලිඛිතව කර ඇති අතර ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි.

තව තියෙනවා පහලටම යන්න ලසිත් මාලිංගද මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී නුවන් කුලසේකර කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ඔහුත් සමගම එක්දින පිටියෙන් සමුගැනීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර නම්කර නොතිබුණි. එසේම මාලිංගද ඊයේ සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බවයි.

නුවන් කුලසේකර අවසන් වරට ශ්‍රී ලංකාව නියේජනය කර ඇත්තේ 2017 වසරේදීය.
කුලසේකර ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමේ තරඟයක් ඉල්ලයි කුලසේකර ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමේ තරඟයක් ඉල්ලයි Reviewed by piyumantha dissanayaka on July 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.