පොලිසිය හා ගැටීමෙන් ආවා කල්ලි සමාජිකයෙක් වෙඩි පහරින් මරුට

පොලිසිය හා ගැටීමෙන් ආවා කල්ලි සමාජිකයෙක් වෙඩි පහරින් මරුට
යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි.

ඊයේ (20) රාත්‍රියේදී  ඉනුවිල් ප‍්‍රදේශයේ නිවාස කීපයකට ආවා කල්ලියේ සාමාජිකයින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙන බවට වූ තොරතුරක් මත පොලීසිය එම ප‍්‍රදේශයේ වාහන හා පුද්ගලයින් සොදිසි කිරීම් කටයුතුවල නිරත වී තිබේ.

තව තියෙනවා පහලටම යන්න එම අවස්ථාවේදී තියුණු ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් හයදෙනකු යතුරුපැදි තුනකින් පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පහරදීම හේතුවෙන් වෙඩි තබා ඇත.

එක් සැකකරුවකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී එම පුද්ගලයින් සතුව තිබු යතුරු පැදියක් හා කඩු තුනක් පොලිසිය භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් යතුරු පැදිවලින් පලා ගොස් තිබේ.

මනිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප - එෆ් අස්ලම්
පොලිසිය හා ගැටීමෙන් ආවා කල්ලි සමාජිකයෙක් වෙඩි පහරින් මරුට පොලිසිය හා ගැටීමෙන් ආවා කල්ලි සමාජිකයෙක් වෙඩි පහරින් මරුට Reviewed by piyumantha dissanayaka on July 21, 2019 Rating: 5

No comments:

Powered by Blogger.