රක්වාන සූරියකන්ද පාරේ වංගු දහය හැදීමේදී හේයස් ඉන්ජිනේරුවරියට පහසු වුණේ නැත. කඳු බෑවුවේ මාර්ගයක් තනා දලු සහ නිමි තේ ප්‍රවාහනයට යොදාගත යුතුමය. එහෙත් එය හිතන තරම් පහසු නැත.
වංගු දහයේ පළමු වංගුව පසුකර උඩට යන විට හමුවන දර්ශනය ඉතා මනස්කාන්තය. තුන්වැනි වංගුව හරියේදී කලවාන සූරියකන්ද ලස්සනට පෙනේ. එතැන සිට වටේ බැලූ විට පෙනෙන්නේ වටේ ඇති කඳුවළල්ලය. එසේම වංගු දහය පාර අඩි 15කින් පමණ පළලින් යුක්තය.
අවට පරිසරය කොතරම් ලස්සන වුවත් අවට පරිසරය පාළුය. මුළු ප්‍රදේශයම වෙළා ගෙන ඇත්තේ රූස්ස කැලේය. ඊට අමතරව ෆයිනස් වගාව දැඩි ලෙස ව්‍යාප්ත වී තිබේ. එදා මේ ප්‍රදේශයේ ජනාවාස තිබුණේ නැත. මිනිස් වාසයක් තිබුණේ පළමු වංගුව හරියේය. ඊට අමතරව වංගු දහයක උඩිනි. ගන කැලෑවක් නිසාත් වංගු දහයේ වන සතුන් නිතරම ගැවසෙති. නරි, උෟරෝ, දිවියෝ, සැරිසරන බව දැනුවත් කරන පුවරු හැමතැන ගසා තිබේ. වංගු දහය පාළු පැත්තක් සේම ගුප්ත බවින්ද වැඩිය. එසේම මිනිස් වාසයක් නොමැති නිසා මංකොල්ලකෑම්, මිනී මැරීම්, විවිධ අපචාර සිදුවීම්ද අතීතයේදී දැඩි ලෙස වාර්තා විය. වංගු දහයේ හත්වැනි වංගුව හරියේදී හොරු සිටිය බවට ගම්මු අදද කියති. නමුත් අද එතැන භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.
තව තියෙනවා පහලටම යන්න ඒ නිසා නිතර නිතර ජනතාව එම ස්ථානයේ ගැවසෙන නිසා සොරසතුරු බිය ජනතාව වෙතින් තුරන් වී ගොසිනි. අතීතයේදි ඒ හරියෙන් යන විට නිරුවත් කාන්තාවක් පාර අයිනේ සිටින අයුරු දැක ගෙත හැකිය. ඒ කාන්තාව දෙස බලන විට හොරු රැළ පැමිණ වාහන මංකොල්ලකා තිබෙන බව ගම්මු අදද කියති. එදා මේ දේවල් වුණාට අද මේ දේවල් වෙන්නේ නැත. අවට තේ වතුවල කම්කරුවන් කඳුබෑවුම දෙපස පදිංචි කර ඇති නිසාද සොර සතුරු බිය ජනතාව වෙතින් තුරන් වී ගොසිනි. වංගු දහයෙන් අදද රාත්‍රි කාලයට ගම්මු යන්න බය වෙන්නේ ඔය කාරණා නිසාය. එදා ගම්මුන්ට ඇති වූ බිය අදද තුරන් වී නැත. 1890-1900 කාලයේ වංගු දහය මාර්ගය නිර්මාණය වෙන්නේ හේර්ස් නමැති ඉංග්‍රීසි ජාතික ඉන්ජිනේරුවරිය අතිනි. මේ පාර හදලා තියෙන්නේ අඟලේ බැස්මට වීමද විශේෂත්වයකි. සූරියකන්ද සිට රක්වාන ප්‍රදේශයට අඟලේ බැස්මට හදපු වංගු දහය මාර්ගය හදන්න මුල් සැලසුම දී ඇත්තේ ආච්චි කෙනකුය. හේර්ස් ඉන්ජිනේරුවරිය මාර්ගය තැනීමට පිඹුරුපත් සැලැසුම් කිරීමට මේ ප්‍රදේශයට පැමිණ ඇත.
ඇය කර කියාගත දෙයක් නොහැකිව සැලැසුම් හදන විට තේ වත්තේ වැඩ කර කර සිටි ආච්චි කෙනෙක් එය දැක ඇත. ඒ ආච්චි ඉන්ජිනේරුවරිය ළඟට පැමිණ හස්ත සංඥා මඟින් වංගු සහිත මාර්ගයක් ගැන පෙන්නා ඇත. ඉන් පසු හේර්ස් ඉන්ජිනේරුවරිය වංගු සහිත මාර්ගය තනා ඇත. අද ද ඇත්තේ එදා නිර්මාණය වූ වංගු සහිත මාර්ගයමය. වෙනසක් වී ඇත්තේ තාර දැමීම පමණි. වංගු දහය මාර්ගයේ තියෙන බෝක්කු සියල්ලම හදලා තියෙන්නේ එදා පාර හදන්න ගල්බෝර දාලා කඩපු කළුගල්වලිනි. එදා හේයස් ඉන්ජිනේරුවරිය නැවතිලා හිටියා යැයි කියන බංගලාවේ නටබුන් අද ද තිබේ. එම බංගලාවේ බිත්තිවල අල්ලා තිබූ පිඟන් ගඩොල් කැබලි අදද තිබේ. වංගු දහය පසුකර සූරියකන්ද පැත්තට මීටර 500ක් විතර යනවිට කන්ද උඩ ගල් ගුහාවක් හමුවෙයි. මේ ගල්ගුහාවේ එක් පැත්තකින් ගල් බැම්මක් හදා තිබේ. එම ස්ථානයේ තිබී ඇත්තේ පොඩි කාමරයක් වගේ තමයි එහි ගොස් බලන විට පෙනෙන්නේ.
එසේම එම ගල් බැම්මේ 1948, 1880, 1918 ආදී වර්ෂ කොටා තිබේ. මේ ගල් ගුහාව එදා මාර්ගය තැනීමේදී කළුගල් කැඩීමට ගෙන ආ වෙඩි බෙහෙත් ගබඩා කර තිබූ තැන ලෙසද සැලකෙයි. එසේම වංගු දහය මාර්ගය හැදීමේදී කම්කරුවන් ලෙස යොදාගෙන ඇත්තේ කාපිරි මිනිස්සුය. ඉංග්‍රීසි පාලන සමයේ සිරකරුවන් ලෙස තමයි කාපිරි මිනිස්සු ලංකාවට ගෙනැවිත් තිබෙන්නේ. මේ මිනිස්සු ඉතා දරුණු අය ලෙසද ගම්මු අද ද කියති. මිනී මස් පවා කෑවලු. ඒ නිසා මේ කාපිරි මිනිස්සුන්ගේ කටට ඉබ්බෙක් පවා දා තිබෙනවා. පාර හදන කාලේ සිංහල අය මඟ දෙපස පොඩි තේ කඩ දාගෙන වෙළෙ¼දාම් කරලා තිබේ. කාපිරි මිනිස්සු කෑමට, බීමට ආවේ මේ සිංහල කඩවලටය. ඒ ඉංග්‍රීසි ආරක්ෂකයන්ගේ ආරක්ෂාව යටතේය. කාපිරි මිනිසුන්ට එදා අද රුපියල් පහේ වටිනාකමට හරියන ලෙස කාසි දී තිබේ. ඒ මුළු මුදලින් ඔවුන්ට ජීවත්වෙන්නටද සිදුවී තිබේ. මේ කාපිරි මිනිසුන්ගේ කටට දා තිබූ ඉබ්බා ඇරියේ කෑමට බීමට පමණි. ඉබ්බා ඇරිය ගමන් කඩේ එල්ලා ඇති කෙසෙල් ලෙලි පිටින්ම කෑමටද කාපිරි මිනිස්සු පුරුදුව සිට ඇත. එදා වංගු දහය හදන විට යටගිය මතකය අපට අවදි කළේ දහවැනි වංගුව ඉවර වෙලා උඩදී හමුවෙන කඩපොළේ සිටි අයයි.
මේ ආකාරයට ඉදි වූ වංගු දහයෙන් අදද ගන්නේ මහත් වූ ප්‍රයෝජනයකි. පළමු වංගුවේ සිට උඩට එන විට හමුවෙන හත්වැනි වංගුව එදා වාගේ නෙවෙයි. අද එම ස්ථානයේ පිහිටලා තියෙන්නේ භාවනා මධ්‍යස්ථානයකි. කඳු පාමුල නිස්කලංක පරිසරයක මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබේ. මෙම භූමියේ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හේතුවූ කරුණු රැසකි. ඊට පරිසර සාධකද බලපා ඇත. හතකර දේශගුණික කලාපයක භාවනා මධ්‍යස්ථානයක් අරඹා මිනිසාගේ හිතසුව පිණිස යොදාගැනීම ඇත්තෙන්ම හොඳය. මිනිසාට වංගු දහය පරිසරයේ ඇති ස්වභාවික පරිසර සාධක එලෙසින්ම විඳ දරා ගෙන ආධ්‍යාත්මික සුවයක් විඳීමට හැකිවීම සතුටට කරුණකි. මෙම භාවනා මධ්‍යස්ථානයට භාවනා කිරීම සඳහා දෙස් විදෙස් සැම දෙනාම පැමිණෙති. එසේම කිසිදු මුදලක් අය නොකෙරෙන අතර සෑම පහසුකමක්ම සපයා තිබීමද විශේෂත්වයකි. කඳුකර භූමියේ පිහිටීම නිසා බොහෝ විට දැඩි සීතලක් දැනේ.
ඒ නිසා භාවනා වැඩසටහන්වලට සහභාගි වන අය වෙනුවෙන් උණුවතුර සැපයීම නිස්කලංක පරිසරයක් සකසාදීම ඇතුළු සෑම කාර්යයක්ම මෙමඟින් සිදුකරයි. ඒ භාවනා වැඩසටහන් සඳහා එන පිරිස් නොමිලේ ලබා ගන්නා පහසුකම්ය. විශ්වවිද්‍යාල ළමයින්, පාසල් ළමයින්, උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, විදේශීය සිසුන්, රැකියාවල නිරත අය දින 5-10ක පමණ කාලයක් සිට පැමිණ භාවනා වැඩසටහන්වල නිරතවීමද දැකගත හැකිය. එසේම විදේශීය රටවල ස්වාමීන් වහන්සේලා ද මෙම භාවනා වැඩසටහන්වලට සහභාගි වී සිටිනු අයුරු එහි ගිය අපටද දැකගත හැකිවිය. ඕස්ට්‍රේලියාවේ සිට වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා දින 10ක භාවනා වැඩසටහනකට සහභාගි වී සිටියහ.
මෙම භාවනා වැඩසටහන් සඳහා බ්‍රහ්මාෂි කියන ප්‍රසිද්ධ භාවනාචාර්ය ස්වාමීන් වහන්සේද වැඩම කොට දින 11ක භාවනා වැඩසටහන් ද කර ඇත. මේ සඳහා රටවල් හතරක පිරිස්ද සහභාගි වූහ. එසේම මේ වසරේ මේ වන විට දේශීය පිරිස් 300කට වඩා පැමිණ භාවනා වැඩසටහන්වලට සහභාගි වී ඇත. මේ භාවනා මධ්‍යස්ථානයේ පනස් දෙනකුට නේවාසිකව සිට භාවනා කිරීමේ නේවාසික පහසුකම් සලසා ඇත. භාවනා වැඩසටහන්වලට සහභාගි වන අය සඳහා නිර්මාංස ආහාර වේලක්ද ලබාදෙයි. විශේෂයෙන්ම මත්පැන්වල ඇබ්බැහි වූ පිරිස් සුමඟට ගැනීමට, දේශන, භාවනා වැඩසටහන් මෙම ස්ථානයේදී සිදුකෙරේ.
මේ සියලු වැඩසටහන්වලට නියමිත දිනයක් වෙන්කොට සහභාගි වන්නේ මෙපමණ පිරිසක් යැයි කියා මෙම මධ්‍යස්ථානය වෙත දැන්වූ පසු එතැනින් අවශ්‍ය විධියට වැඩසටහන් සංවිධානය කරයි. භාවනා වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලදී වෙන වෙනම ඒ සඳහා වැඩසටහන් තිබීමද විශේෂත්වයකි. එහිදී ශීල භාවනා වැඩසටහන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීම සිදුකරයි. මේ වැඩසටහන් කිරීමට ඕනෑම ආයතනයකට සම්බන්ධය විය හැකිය. ප්‍රගීත් සම්පත් කරුණාතිලක

දළු කඩ කඩ හිටපු ආච්චි කෙනෙක් ගේ හස්ත සංඥාවට හැදූ වංගු දහයේ නොදත් කතාව
Reviewed by piyumantha dissanayaka
on
July 14, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 14, 2019
Rating:

No comments: