සිරුර මෙන් ම මනසත් නිරෝගි කරන මෝරු පානය අපට එතරම් හුරු නැතත්, එහි ගුණ ඇසුවොත් ඊට හුරුවන්නට ඔබටත් හිතේවි.මෝරු සකසන්නේ මුදවපු කිරිවලින්. මුදවපු කිරි ඇතිලියේ අඩියේ ඉතිරිවන කොටසට පානීය ජලය වීදුරුවක් දෙකක් දමා හොඳින් මිශ්‍රකර රැයක් වසා තබා පසුදින මෝරු වශයෙන් පානය කළ හැකියි. ලුණු හා සීනි ස්වල්පය බැගින් එක්කර එය රස කර ගන්න පුළුවන්.මෝරු වලට වෙනස් රසක් ගුණක් දීමට මෙසේ සකසා ගන්නත් හැකියි.
- සූදුරු තේ හැන්දක් යන්තම් බැදගන්න.
- ගම්මිරිස් ඇට ටිකක් ගන්න.
- මේ දෙවගය එකට කුඩුකරගන්න .
- ඉඟුරු කෑල්ලක් තලාගන්න
- මුදවපු කිරි මේස හැඳි දෙකක් හා සීතල වතුර වීදුරු දෙකක් ළංකර ගන්න.
- සියල්ල එක්කර මුදවපු කිරි හොඳින් කැඩී වතුර සමග මිශ්‍රවන තුරු මිශ්‍ර කරන්න.
- කැපූ රතුලූනු අමු මිරිස් හා ලුණු ස්වල්පයක් ඊට එක්කරගන්න.(මෝරු පානය කරන විට එය නැවත සොලවා ම්ශ්‍රකරගන්න.)
- මෝරු වීදුරුවක් දිනපතා පානය කරන්නේ නම් එය ඔබේ ශක්තිය මෙන්ම ප්‍රතිශක්තිය ද වැඩෙන්නට හේතුවනවා. සිරුරේ අප්‍රාණික ගති දුරුවී යනවා.
- සම පැහැපත් කර තරුණ පෙනුම රැක දෙනවා.
- ලේ පිරිසිදු කර දෙනවා.
- මතක ශක්තිය වැඩි කරනවා.
- ඇස් පෙනීම වර්ධනය කරනවා.
- මානසික ආතතිය දුරුකරනවා.
- එහි ඇති ඔසු ගුණ නිසා ඇතැම් රෝගවලට ඖෂධ ලෙසත් යොදාගන්නවා.
- මෝරුවල විටමින් බී සී ප්‍රෝටීන්, කැල්සියම් පොටා යකඩ මේද ෆෝලික් අම්ලය ආදි පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි. කෑමට පෙර බීමෙන් ආහාර රුචිය වැඩිවෙනවා.මල බද්ධය, බඩ පුරවා දැමීම රක්ත හීනතාව දුරු කෙරෙනවා. සෙම් රෝග හා වාත රෝග පාලනය වෙනවා.
- කෙට්ටු ගතිත් මට්ටුවෙනවා.
- හැබැයි සිරුරේ අභ්‍යන්තර හා බාහිර තුවාල ඇති අයට මෝරු සුදුසු නැහැ. රත් පිත් ක්ලාන්ත, සිරුරේ අධික දැවිල්ල ඇති අයත් මෝරු බීමෙන් වැළකීම යහපත් .
ගත සිත නිරෝගි කරන මෝරු පානය
Reviewed by gihan
on
March 22, 2020
Rating:
No comments: