සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝ මෝටර් රථ අනතුරකින් 99න් බේරෙයි.

ලියනාඩෝ ඩිකැප්රියෝ යනු සිය රංගනයෙන් ලොවක් වසඟයට ගත් නළුවෙක්.

කෙසේ වෙතත් ලියෝ මෝටර් රථ අනතුරකින් 99 බේරුණු පුවතක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය ඉරිදා ලියෝ සහ ඔහුගේ පෙම්වතිය වන 24 හැවිරිදි නිනා ඇග්ඩාල් සිය මෝටර් රථයේ නිව්යොර්ක් බලා ගමන් කරන අවස්ථාවකයි ලියෝට මෙම අනතුර සඳහා මුහුණ දීමට සිදුව තිඛෙන්නේ.

කෙසේ වෙතත් ලියෝ සිය රේන්ජ් රෝවර් මෝටර් රථය පාරෙන් ඉවතට ධාවනය කරන අනතුර මැඩ පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.

නමුත් එහිදී තවත් මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුන් පස්සේ ලියෝ සිය පෙම්වතිය සිප වැළඳගෙන සනසන ඡායාරූප මේ වන විට ලොව පුරා වෙබ් අඩවි වල ජනප්‍රියත්වයට පත්ව තිඛෙනවා.

එමෙන්ම ලියෝ අනතුරට ලක්වූ වාහනයේ සිටි කාන්තාව වෙත ගොස් ඇයට උදව් කරන අයුරුද විදෙස් මාධ්‍ය ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කර තිබුණා.
















සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝ මෝටර් රථ අනතුරකින් 99න් බේරෙයි. සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝ මෝටර් රථ අනතුරකින් 99න් බේරෙයි. Reviewed by Unknown on August 22, 2016 Rating: 5

No comments:

Powered by Blogger.