මොරගොල්ලාගම, කිරළබොක්කාගම ප්‍රදේශයේදී මේ යතුරුපැදි අනතුර සිදුව ඇති බව පොලීසිය කීය.
මොරගොල්ලාගම, දහයයාය ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකුගේ විවාහ මංගල උත්සවය ඊයේ (10දා) දිනට යෙදී තිබී ඇති බවත් මනාල තරුණයා සිය මගුල් ඇදුම ගෙන ඒම සදහා ඥාති සහෝදරයකු සමග පෙරේදා (9දා) ගල්නෑව ප්‍රදේශයට යතුරුපැදියකින් යමින් සිටියදී කිරළබොක්කාගම වංගුවේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
යතුරුපැදි අනතුරෙන් තරුණයන් තිදෙනාම බරපතළ තුවාල ලැබ ඇති අතර, ප්‍රදේශාවාසීන් තුවාලකරුවන් ප්‍රතිකාර සදහා නිකවැව රජයේ රෝහලට ඇතුළු කොට ඇත.
තුවාලකරුවන් තිදෙනාගේ තත්ත්වය බරපතළ වූ නිසා ඔවුන් නිකවැව රෝහල මගින් කරුණෑගල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
දැනට කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති මනාල තරුණයාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පොල්පිතිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මංගල දිනයට පෙරදින ඇඳුම් ගේනන ගිය මනාලයාට වෙච්ච දේ මෙන්න
Reviewed by Unknown
on
November 11, 2016
Rating:
![මංගල දිනයට පෙරදින ඇඳුම් ගේනන ගිය මනාලයාට වෙච්ච දේ මෙන්න](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1qQMlGdMJUo7M6nQnYqAL5XcX9RX7x-1XCUYoTxkfcqZBAb33Fh35miwmzlUjMNxo5t4fAmMcU6e7NwAEJJAJ51LCLlNI3Zt17e03dVsBe0mnA5p0YCuvvZy9-m4yRNLv-BZapVyulunx/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: