![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2VNhYpRMiC8oFy9eVAzkVIoMiaBVCLHzb8lYMLLP9o_2sKTMY02j2Z7t6-vDR6P8XT_WD3qelOOr-54jXijWWFpCuNOdHutMKOCO1eHnunanOgo5c5LG3C4Lu2dCG4NgWoQErq_RCVQIB/s1600/Video-Banner+%25281%2529.png)
කිලෝ 15ක් බර මැණිකක් පසුගිය දිනෙක හමුවූ පුවතක් වාර්තා වුණා. මේ පිළිබඳව සොයාබැලූ අපට එම මැණිකේ ඡායාරූප මුල්වරට ඔබවෙත ගෙන එන්නට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.
මෙම පළිඟු මැණිකට ඇස තබා බැලීමේදී සිත බැඳ ගන්නා අසිරියක් එහි ඇති බව බොහෝ දෙනා පවසයි. මැණික මැද පෙනෙන ඒ විමානය බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට නෑකම් කියන අයුරක් පෙනෙන බවද දැනගන්නට ලැබෙනවා.
මැණික් සම්බන්ධ ඉතිහාසයක් සිරිලකට ඈඳෙන්නේ දුරාතීයේ පටන්මය. රත්නදීප යනුවෙන් සිරිලකට නම් පටබැඳී ඇත්තේ එහෙයිනි. ඉල්ලම් ගරා වටිනා ගල් තෝරා, ඔප දමා ඔප වැටෙන ලෙස කපා ආභරණ සකස් කිරීම මැණික් කර්මාන්තයේ කාර්යාවලියයි. මේ අරුම පුදුම මැණික් ගලද ඒ ආකාරයට ඔප දමා සකස් කර තිබේ. මේ මැණික ඔපදැමීම මුළුමනින්ම සිදුකර තිබෙන්නේ එල්. එම්. කරුණාවංශ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේමය.
''මම ව්‍යාපාර කටයුතු කරන්නේ ඉතාම දැහැමි ආකාරයටයි. මේ මැණික් ව්‍යාපාරය ඉතාම කුඩාවට පටන් ගත්තේ. මේ මැණික් ගල රත්නපුරයෙන් මිලදී ගත්තෙත් බොහොම සාධාරණ මුදලක් දීලයි. දැන් මේ මැණික් ගල මිලදී ගෙන වසර හතරක කාලයක් ගතවුණා. ඒත් මගේ කාර්ය බහුලකම නිසා කපලා ඔප දමන්න විවේකයක් ලැබුණේ නැහැ. ඇත්තටම මේ මැණික් ගල මගේ ජීවිතය ගොඩක් වෙනස් කළා. කරුණාවංශ මහතා දීර්ඝ විස්තරයක් කිරීමට මුල පිරුවේ ඒ අන්දමිනි.
මේ මැණික් ගල මගේ නිවසට ගෙනා දවසේ පටන් මගේ වාසනා ගුණය වැඩිවුණා. මට නොසිතූ ගරුත්වයක් ලැබුණා. මුදල් හදල්, කීර්තිය ලැබුණා. වැඩිපුර ඉඩකඩම් ගත්තා. ඉතිරිකිරීම් වැඩිවුණා. ඇත්තටම ගෙදරට යම් වාසනාවන්ත බලවේගයක් ආවා. ඒ ඔහුගේ හදවතට දැනෙනා හැඟීමය.
වෙනදාට වඩා ගෙදරට කලඑළියක් ඇවිත් තියෙනවා. ගෙදර අය අතරේ දැන් වෙනදට වඩා ලොකු සාමයක් තියෙනවා. ඒ වගේම ගමනක් බිමනක් ගියත් මට මේ කාලයටම හතුරු කරදරයක් අනතුරක් සිද්ධ වුණේ නැහැ. ඔහු පැවසුවේය.
ඔහු සාධාරණ මැණික් ව්‍යාපාරිකයකු වී ඇත්තේ හොඳ බෞද්ධයකු නිසා බවද අපට දැනගන්නට ලැබිණි. ඒ ගැන විමසූ විට කරුණාවංශ මහතා අපට මේ තතු කීවේය.
මම ආගමට දහමට කවදත් හරිම ළැදියි. ගෙදර උදවියත් පිනට නැඹුරු හිත් තිබෙන අය. මම අහලා තියෙනවා කොහොමටවත් පොළොවෙන් මැණිකක් වගේ ධනයක් ලැබෙන්නේ පෙර පින් කළ අයටයි කියලා. ඒ වාසනා ගුණය නිසාම තමයි මේ පළිඟු මැණික මගේ දෝතට පත්වුණේ. වාසනාවට ලැබුණු මේ පළිඟු මැණික විකුණනවාද නැද්ද කියලා මම තවම තීරණය කරලා නැහැ. මට මෙය අලෙවි කරන්නට මිලක් නියම කරන්නත් බැහැ. මේකට වෙනත් හිමිකාරයෙක් ආවොත් ඔහුත් පෙර පින ප්‍රබල කෙනෙක් විය යුතුමයි කියලා මට හිතෙනවා ඔහු පැවසුවේය. මැණික් නිසා වාසනා ගුණය ලැබෙනවා වගේම මැණික් ලැබෙන්නේ වාසනාවන්තයන්ටය කියාත් අපට සිතුණි.
විද්‍යාත්මකව විමසා බැලූ විටද ක්වන්ටම් භෞතික විද්‍යාව ආධාරයෙන් මැණික් තුළින් ලැබෙන විශ්ව ශක්ති ආකර්ෂණය සොයාගත හැකිය. එමෙන්ම හෙළ වෙදකම තුළ ඇති නාඩි විද්‍යාව ආධාරයෙන් මේ විශ්ව කිරණ සම්බන්ධ වන ශරීරයේ ශක්ති කේන්ද්‍රය නොහොත් චක්‍රා පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන. මේ පළිඟු මැණිකද එවැනිම වූ බලසම්පන්න සම්පතකි.
පළිඟු මැණික සම්බන්ධ විස්තර වාර්තාව කරුණාවංශ මහතා මේ වනවිටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලබා දී තිබේ. ඒ අනුව මේ මැණිකට අගයක් නියමවනු ඇත. ඉන්පසුව මෙහි ආරක්ෂාව සහතික වනු ඇත.
රත්නපුරෙන් හමුවු කිලෝ 15ක් බර මිලකළ නොහැකි පළිඟු මැණික් මාලිගාවේ ඡායාරූප මෙන්න.
Reviewed by Unknown
on
November 11, 2016
Rating:
![රත්නපුරෙන් හමුවු කිලෝ 15ක් බර මිලකළ නොහැකි පළිඟු මැණික් මාලිගාවේ ඡායාරූප මෙන්න.](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2VNhYpRMiC8oFy9eVAzkVIoMiaBVCLHzb8lYMLLP9o_2sKTMY02j2Z7t6-vDR6P8XT_WD3qelOOr-54jXijWWFpCuNOdHutMKOCO1eHnunanOgo5c5LG3C4Lu2dCG4NgWoQErq_RCVQIB/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: