ගර්භණීභාවය, මවක් වීම හුදෙක්ම පුදුමාකාර අත්දැකීමක් ගෙන දෙන අතරම දරු ප්‍රසූතියකින් පසුව බොහොමයක් කාන්තාවන් මුහුණදෙන ගැටලුවක් තමයි උදරය එල්ලා වැටීම, අනවශ්‍ය ලෙස සිරුර මහත් වීම යනාදිය. දරුවෙකු මෙලොවට බිහි කරමින් මවක් වීමත් සමඟම ජීවිතයට වටිනාකමක් එකතු වුවත්, ගර්භණී භාවයත් සමඟ පැමිණි සතුට හා තෘප්තිය ඔබගේ එල්ලා වැටුණු උදරය හා නැතිවී ගිය සිරුරේ හැඩය දැකීමෙන් යම් කනස්සල්ලයකට ලක්විය හැක. ලස්සනට සුන්දරව ප්‍රියමනාපව ඉන්න කාන්තාවන් කව්රුත් කැමති. නමුත් සමහර කාන්තාවන් දරු ප්‍රසූතියකින් පසුව තම සිරුර ගැන එතරම් නොසිතයි. නමුත් කෙතරම් පියකරු සුන්දර මුහුණක් තිබුණත් හැඩැති සිරුරක් නොමැති නම් ඉන් ගෙන එන පෙනුම එතරම්ම ආකර්ශණීය නොවේ. තවත් අතෙකින් සිරුරේ හැඩය වගේම නිරෝගිකම ද ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් වේ. ඉතින් මවගේ මෙන්ම දරුවාගේද නීරෝගීකම රකිමින් තමන් තරුණව සිටි අවදියේ මෙන්ම ලස්සනට ඉන්න කරුණු දැනගන්න පහත වීඩියෝව බලන්න.
දරු ප්‍රසූතියෙන් පසුව සිරුර ලස්සනට තියාගන්නේ මෙහෙමයි
Reviewed by lankaonline
on
October 07, 2018
Rating:
No comments: