ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල් ඵල ගන්වමින් එතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් ඉදි වූ කඩිනම් මහවැලියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම අද (30) පෙරවරුවේ සිදු කෙරිණි.
තම දීර්ඝකාලීන සිහිනය යථාර්ථයක් වෙමින් ජලාශයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමවීමෙන් අනතුරුව ප්‍රථම වතාවට උතුරා වාන් දමන ජලාශය නිරික්ෂණය කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ ජලාශ පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්
No comments: