දිවිඅහිමි වූ ලක්‌වූ ඩබ්ලිව්. ජී. නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති පොලිස් කොස්‌තාපල්වරයාගේ දිවිතොර කිරීම සම්බන්ධව වහාම අපක්‌ෂපාතී පරීක්‌ෂණයක් පවත්වන ලෙස සමුගත් කොස්‌තාපල්වරයාගේ දෙමවුපියන් හා පවුලේ ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කරති.
මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටියදී දිවිතොර වූ පොලිස් කොස්‌තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති පොලිස් කොස්‌තාපල්වරයා බැද්දේගෙදර හන්දිය, බංගමුව පාර ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සමුගත් කොස්‌තාපල්වරයාගේ තොරතුරු සොයා ඊයේ (30 දා) පස්‌වරුවේ ඔහුගේ නිවසට අප ගිය අවස්‌ථාවේ පවුලේ ඥාතීන් මේ බව ප්‍රකාශ කළහ.
No comments: