ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර ගිලී ගිය ප්‍රදේශයක් හමුවෙයි



ඉන්දියාවට දකුණු දිගින් පිහිටි මහාද්වීපයක කොටසක් හෝ විශාල භූමි ප්‍රදේශයක් මුහුදේ ගිලී ගිය බවත් එහි නටබුන් හා පිළිගත හැකි සාක්ෂි තවමත් මුහුදු පත්ලේ ඇති බවට තොරතුරු පළ වීම නිසා මේ වන විට ඒ පිළිබඳ උනන්දුව දැඩි වී ඇත. මෙය හුදු කතාවක් හෝ ජනප්‍රවාදගත කටවහරින් එන දෙයක් ලෙස ඇතැමුන් කීවද ඓතිහාසික සංස්කෘත හා දෙමළ පාඨ ග්‍රන්ථවලද ඒ පිළිබඳව සඳහන්ව තිබීම විශේෂයකි. ගෝවේහි පිහිටි සමුද්‍ර විද්‍යා ජාතික ආයතනය මඟින් මේ පිළිබඳව යම් ගවේෂණයක් සිදු කර තිබෙන බවට වූ තොරතුරු ඉන්දියානු පුවත්පත්වල මහ ඉහළින් පළ වූ අවස්ථාද ඇත. එම ආයතනයේ එක නිගමනයකට අනුව ක්‍රි.පූ. 300දී පමණ ‘පුම්පුගාර්’ නම් නගරයක් සුනාමි රළ පහරින් හා භූ කම්පන හේතුවෙන් නොකඩවා අනතුරට ලක්වී මුහුදට ගිලා බැස ගිය බවක් කියැවේ. එම ආයතනය ඒ සඳහා සාක්ෂි වශයෙන් 4 වැනි සියවසට අයත් මැටි භාණ්ඩ කිහිපයක් සොයා ගන්නටද සමත්ව තියෙනවා.


ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර ගිලී ගිය ප්‍රදේශයක් හමුවෙයි ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර ගිලී ගිය ප්‍රදේශයක් හමුවෙයි Reviewed by lankaonline on December 13, 2018 Rating: 5

No comments:

Powered by Blogger.