ජයසේන හෙවත් මහසෝනාගේ උපන්ගම වූ රිටිගල කන්දේ සැඟවුණු අභිරහස


රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත්‍රික ජනතාවක් විසූ ප්‍රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපුරයට යන වන්දනාකරුවන් අතරින් සමහරු රිටිගලට පැමිණ එහි සුන්දරත්වය දැක ගැනීමටත් පෙළඹෙන බව පේනවා. ඒ වගේම විදේශීය සංචාරකයන් ද රිටිගලට පැමිණෙනවා. ලංකාවේ ඇති සොබා සෞන්දර්ය රස විදීමේදී අපට හමුවන සුන්දර ස්ථාන අතර රිටිගලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එහි ඇති සුන්දර බව මෙන්ම පෞරාණික බවද එයට බලපා ඇත. අතීත රජවරුන්ගේ ශ්‍රී විභූතිය සොයා යන ගමනේදී රිටිගල නටඹුන් අපට අමතක කළ නොහැක. එමෙන්ම ජෛව විවිධත්වය අතින් ගත් කල  රිටිගල කඳු පද්ධතියෙහි ලංකාවේ සෑම පළාතකම තිබෙන උණුසුම්, වියළි, ශිත යන දේශගුණික තත්ත්වයන් තිබීමද විශේෂත්වයකි. එය සුන්දර වන ලැහැබකින් මෙන්ම අතීතයේ සැඟවුණු මතකයන් රැසක් සඟවාගෙන සිටින කෞතුකාගාරයකි. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.


ජයසේන හෙවත් මහසෝනාගේ උපන්ගම වූ රිටිගල කන්දේ සැඟවුණු අභිරහස ජයසේන හෙවත් මහසෝනාගේ උපන්ගම වූ රිටිගල කන්දේ සැඟවුණු අභිරහස Reviewed by lankaonline on December 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.