වර්තමානයේ අධික තරබාරු බව අප රටේ ද බොහෝදෙනා අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවක්. මෙමගින් ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩ කටයුතු වලටත් බාධා වෙනවා. එලෙසම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙන්ද තරබාරු බව සැලකෙනවා. අධික තෙල් සහිත මෙන්ම පැණි රස ආහාර වර්ග නිතර පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇති වෙනවා. ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීම නිසා එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හතිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා. මෙම අධික තරබාරුවට හොඳම ස්වාභාවික පිළියම ගොරකා චූර්ණය භාවිතයයි. ඉතින් හරියටම මාස තුනෙන් බර අඩු කර තරබාරුව මට්ටු කරගන්න ගොරකා චූර්ණය නිවැරදිව සාදා ගන්නේ කොහොමද කියලා දැනගන්න පහත වීඩියෝව බලන්න.
මාස තුනෙන් බර අඩු කර තරබාරුව මට්ටු කරන ගොරකා චූර්ණය නිවැරදිව සාදා ගන්නේ මෙහෙමයි
Reviewed by lankaonline
on
December 05, 2018
Rating:
No comments: