ආදි කාලීන මිනිසා ඔවුන්ගේ ජීවිකාව උදෙසා සතුන් දඩයම් කල ආකාරය සිතුවමට නඟා ඇත්තේ සතුන්ගේ විවිධ හැඩතල හා දිවයන සතුන්ගේ හා මිනිසුන්ගේ නොයෙකුත් හැඩතල උපයොගී කරගනිමින්. ඒවා ඈත එපිට ශිෂ්ටාචාරයේ මිනිසා චිත්‍රකලාව හා බැඳී සිටි බවට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. සිය පරම්පරාවෙන් පරම්පරාවට දැනුම, විනෝදාස්වාදය, සමාජ තත්වයන් හා ජිවන වෘත්තීන් සම්ප්‍රේෂණය කිරීම උදෙසා මේ ආකාරයට චිත්‍රකලාව භාවිතා කර ඇත. මෙලෙස ක්‍රමයෙන් විකාශනය වූ චිත්‍රකලාවේ සම්ප්‍රදායික බව උඩුයටිකුරු කල කලාකරුවෙක් තමයි චිත්‍රකලාව නවමානයක් වෙත හරවමින් මානවවාදී ආරකට එය හැරවූ ශිල්පියා වන පැබ්ලෝ පිකාසෝ . එකළ පැවති දේවත්වය, රදල සමාජ තත්වය හා ප්‍රභූත්වය ඔසවා තබන ආකාරයේ කාමර අලංකාර කරන චිත්‍ර සම්ප්‍රදාය කිසිඳු ආකාරයට මායිම් නොකරමින් පැවති සියළු න්‍යායන් බැහැර කරමින් කම්කරුවන්, වැඩකරුවන් හා ගණිකාවන් ඇතුළු පීඩිත පන්තියේ ජනතාවගේ සිතුවම් තෙලි තුඩට නගමින් එය සමාජගත කළ සිතුවම් ශිල්පියා ලෙස පැබ්ලෝ පිකාසෝ හදුන්වා දෙන්නට පුළුවන්.
පිකාසෝ ගැන ගොඩදෙනෙක් කියනවා, එත් ඔහු ගැන දැනගෙනම කියන්න
Reviewed by lankaonline
on
January 03, 2019
Rating:
Reviewed by lankaonline
on
January 03, 2019
Rating:

No comments: