පසුගිය 13වන දින පෙරවරු 6ට පමන රත්නපුර මධ්‍යම බස් නැවතුම පිටුපස ඇති ත්‍රීරෝද රථ ගාල ආසන්නයේ වයස අවුරුදු 11ක පමන දැරියක් යම් කිසි බියකින් එහා මෙහා ගමන් කරමින් සිටින බවට රත්නපුර බස් නැවතුමේ පොලිස් ඒකකයේ රාජකාරි කරමින් සිටි පො.සැ (42597) ගම්ලත් හා පො.කො.(45599) යන නිළධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අදාල ස්ථානයට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයේ සිටි දැරිය පොලිස් ඒකකය වෙතු රැගෙන විත් විස්තර අසා ඇත. එවිට එම දැරිය පවසා ඇත්තේ ඇයගේ දෙමාපියන් නුවර ප්‍රදේශයේ සිටින බවත් ඔවුන් විසින් මෙම දැරිය පාසැල් යැවීම සඳහා රත්නපුර දුලියන්ගස්දෙක ප්‍රදේශයේ පදිංචි තමන්ගේ අක්කාට දැරියගේ ලොකු අම්මාට බාර දී ඇති බවයි.
ලොකු අම්මා නිතර නිතර තමාට කුඩා දරුවෙකු බලා ගන්නා ලෙස කරදර කරන බවත් මෙම කරදරවලින් බේරීමට තමන් නුවර ප්‍රදේශයට දෙමාපියන් ලගට යාමට එම නිවසින් පැන රත්නපුර නගරයට ආ බවත් එහිතනියම යාමට නොදන්නා නිසාත් ඇති වූ බිය නිසාත් මෙසේ නගරයේ ඇවිදිමින් සිටි බවත් ඇය පොලිසියට පවසා ඇත. පසුව එම පොලිස් නිළධාරීන් දෙදෙනා මෙම දැරිය රත්නපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක දීපානී මෙනවියට බාර දී ඇති අතර පොලිසිය විසින් ඇගේ දෙමාපියන්ට දුරකථනයෙන් මෙම සිද්ධිය දැනුම් දී වහාම පොලිසිය වෙත පැමින දරරිය රැගෙන යන ලෙසත් දන්වා ඇතග ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක දීපානී මෙනවිය සඳහන් කර සිටියේ තමන්ගේ දරුවන් ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලකින් කටයුතු කල යුතු බවයි යම්කිසි හෙයකින් මෙම දැරිය අපරාදකාරයෙකුට මුනගැහුනා නම් මේ සිද්දිය බරපතල වන බවද ඇය පැවසීය.
රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත රත්නපුර බස් නැවතුමේ පොලිස් ඒකකය භාර පො.සැ (42597) ගම්ලත් හා පො.කො.(45599) යන නිළධාරීන් වැඩිදිර පරීක්ෂන සිදුකරයි.

අවුරුදු11හේ දැරිය අන්තිමට ගිය තැන
Reviewed by piyumantha dissanayaka
on
June 22, 2019
Rating:

No comments: