ඔයා භාණ්ඩ (Goods/ Product) කියන වචනය අනිවාර්යයෙන්ම අහල තිබුණත් සන්නම (Brand) කියන වචනය සමහර විට අහලා නැතිව ඇති. නමුත් සන්නාමකරණය (Branding) කියන සංකල්පය පාඨක ඔබට නම් අලුත් සංකල්පයක් නොවෙයි. මොකද, මේ ගැන ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. එම නිසා සන්නාමකරණය යන සංකල්පය ගැන ලොකු පැහැදිලි කිරීමක් මෙම ලිපිය තුළින් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔබ දන්නවා දවසක් තුළ නව නිෂ්පාදන විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට එන තරගකාරී ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. එහිදී භාණ්ඩ විකුණන්න සන්නාමකරණය කියන අලෙවිකරණ සංකල්පය ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන බව අපි කවුරුත් දන්න දෙයක්.
නමුත්, සන්නාමකරණය භාණ්ඩවලට විතරක් නොවෙයි, පුද්ගලයන්ටත් අදාළ සංකල්පයක්. ඒ නිසාම තමයි පුද්ගල සන්නාමකරණය (Personal Branding) නම් නව සංකල්පයක්ද බිහි වුණේ. ‘හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී’ කියලා අපේ පැරැන්නෝ කියලා තියෙන්නෙත් බැලුවාම පුද්ගල සන්නාමකරණය ගැනම තමයි. අපේ රටට නම් මේක ටිකක් අලුත් මාතෘකාවක් වුණත්, පුද්ගල සන්නාමකරණය යුරෝපීය රටවල ප්‍රබල මාතෘකාවක්.
ඕනෑම ක්ෂේත්රයක භාණ්ඩයක් වෙන්න ගොඩක් ලෙහෙසියි වගේම හැමෝටම පුළුවන්. නමුත් සන්නාමයක් වෙන්න හැමෝටම බැහැ. එය අතිශයින්ම අමාරු දෙයක්. නමුත් උත්සාහ කළොත් බැරිත් නැහැ. නළුවා, ක්‍රීඩකයා, කළමනාකරුවා, ලේඛකයා, දේශපාලනඥයා කියන්නේ භාණ්ඩ සහ සේවා විතරයි. නමුත් රිචඩ් බ්‍රැන්සන්, රොජර් ෆෙඩරර්, ව්ලැද්මීර් පුටින්, ඒබ්‍රහම් ලින්කන්, විජය කුමාරතුංග, රටාන් ටාටා, ෂාරුක් ඛාන් කියන්නේ තමන් නියැළෙන ක්ෂේත්රයේ වටිනාකම දිනාගත් පුද්ගල සන්නාම කිහිපයක්. අද අපි කතා කරන්න හිතුවේ ක්‍රීඩා ක්ෂේත්රයේ ජනප්‍රිය පුද්ගල සන්නාම කිහිපයක් ගැනයි. කීයකට හරි තමන්ගේ දක්ෂතා විකුණන් නැතිව, ලෝකයේ ඉහළම මිලකට විකිණෙන ක්‍රීඩා සන්නම් 7ක් ගැන සහ ඔවුන්ගේ සන්නමෙන් තම දැවැන්ත ව්‍යාපාර සන්නාමය ප්‍රවර්ධනය කරගන්නා ඉතා ජනප්‍රිය ව්‍යාපාර ආයතන කිහිපයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.
ෆ්ලොයිඩ් මේවෙදර්
(Floyd Mayweather)
ලෝකයේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන ක්‍රිඩකයා කවුද කියලා කෙනෙක් ඔබගෙන් ඇහුවොත්, ඔබ ඊට ලබාදිය යුතු පිළිතුර දන්නවද? වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 285ක මුදලක් ‘උපයන ලොව වැඩිම ආදායමක් සහිත ක්‍රීඩකයා තමයි ඇමෙරිකානු ජාතික ෆ්ලොයිඩ් මේවෙදර්. ඔහු බොක්සිං ක්‍රීඩකයෙක්. සුරතලයට ඔහුට කියන්නෙත් ර්ධදඥර එහෙමත් නැත්නම් සල්ලි කියලා. මේ ලැයිස්තුවේ සිවුවැනියා, ඒ කියන්නේ කොනර් මැග්රීගර්ට එරෙහිව පැවැත්වුණු බොක්සිං සටනේදී ජයග්‍රාහකයා වුණු මේවෙදර්ට ලැබුණු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 275ක්. ඩොලර් මිලියන 550ක් ඉපැයූ ඒ සටනේ ප්‍රවර්ධකයකු හැටියටත් ඔහු කටයුතු කළා. The Money Team නමින් විලාසිතාවලට සම්බන්ධ සමාගමක් තිබෙන ඔහු වෙළෙඳ ප්‍රචාරණය සඳහාද බහුලව සහභාගි වෙනවා. දැනට ඔහුගේ දළ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න බවයි පැවැසෙන්නේ.
ලයනල් මෙසී
(Lional Messi)
ආජන්ටිනා ජාතික ලයනල් මෙසී බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම පුරුකයි. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 111ක් වෙනවා. ඉන් මිලියන 85ක්ම බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් ඔහුට ගෙවන වේතනයයි. අනෙක් කොටස සමන්විත වන්නේ ඔහු සහභාගි වන වෙළෙඳ ප්‍රචාරණයන්ගෙන්. ලෝප්‍රකට අඩිඩාස් සමාගම වෙනුවෙන් ජීවිතාන්තය තෙක්ම ඔහු කොන්ත්‍රාත්තුවක්ද අස්සන් කොට තිබෙනවා. පෙප්සි, හුවාවි ඔහුට අනුග්‍රහය දක්වන තවත් සමාගම් කිහිපයක්.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
(Cristiano Ronaldo)
සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතිකයෙක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැනේ. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 108ක් පමණ වෙනවා. නයිකි සමාගම විසින් රොනාල්ඩෝට ජීවිත කාලය සඳහාම ලබාදී ඇති අනුග්‍රාහකත්වයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයකටත් වඩා වැඩිවනු ඇතැයි සඳහන් වෙනවා. ඔහුගේ නමම වෙළෙඳ නාමයක් නිසා ඒ යටතේ ඇඳුම් පැලඳුම්, සුවඳ විලවුන්ද නිෂ්පාදනය වෙනවා. ඔහු නමින් හෝටල් හා අවන්හල් ජාලයක්ද පවතිනවා. මිලියන 322කට වැඩි සමාජජාල අනුගාමිකයන් පිරිසක් සහිත ඔහුව සැලකෙන්නේ ලොව වැඩියෙන්ම අනුගමනය වන ක්‍රීඩකයා ලෙසයි. ඔහු සතු වත්කම්වල දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 400කටත් වැඩියි.
කොනර් මැග්රීගර්
(Conor Mcgregor)
බොක්සිං ශූරයකු වන අයර්ලන්ත ජාතික කොනර් මැග්රීගර් කටින් වගේම වැඩවලිනුත් අභියෝග භාරගන්නෙක්. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 99ක් පමණ වෙනවා. ඇමෙරිකාවේ ෆ්ලොයිඩ් මේවෙදර්ට එරෙහිව සහභාගි වූ බොක්සිං තරගයෙන් පමණක් ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදලක් උපයා ගත්තා.Burger King, Reebok, Monster Energy, Nike ආදී සමාගම් කිහිපයක් ඔහු සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්න කටයුතු කරනවා.
නේමාර් ජූනියර්
(Neymar Jr.)
ඉතා ආකර්ෂණීය ක්‍රීඩා විලාසයකින් පිටිය සරසන බ්‍රසීලියානු සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ජූනියර් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක ආදායමක් උපයන ක්‍රීඩකයෙක්. බාසිලෝනා කණ්ඩායමේ සිට පැරිස් සෙයින්ට් ජර්මන් කණ්ඩායම වෙත වසර 5ක් සඳහා මාරුවීමට ඔහුට පිරිනැමුණු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක්. නයිකි, රෙඩ්බුල් ආදී සුප්‍රසිද්ධ සමාගම් ඔහුට අනුග්‍රාහකත්වය ලබාදෙනවා සේම, වෙළෙඳ දැන්වීම් සඳහාද ඔහු ඉතා බහුලව පෙනී සිටිනවා.
රොජර් ෆෙඩරර්
(Roger Federer)
ලෝක ප්‍රකට ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ස්විස්ටර්ලන්ත ජාතිකයෙක්. වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 77.2ක ආදායමක් උපයන ඔහුගේ මාසික ආදායමෙන් මිලියන 65ක්ම ඔහු වෙළෙඳ දැන්වීම් සහ සන්නාම තානාපතිවරයකු වශයෙන් ඉපැයූ මුදල් වෙනවා. ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ඔහු තරගාවලි ජයග්‍රාහක මුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 116ක් දිනා තිබෙනවා. විල්සන්, මර්සිඩිස් බෙන්ස්, රොලෙක්ස් ආදී ලොව ධනවත්ම සමාගම් ඔහුට අනුග්‍රාහකත්වය සපයනවා.
ලෙබේරා්න් ජේම්ස්
(Lebron James)
ලොව දැනට සිටින ජනප්‍රියතම පැසි පන්දු ක්‍රීඩකයෙක් ලෙස ලෙබේරා්න් ජේම්ස් හඳුන්වන්න පුළුවන්. ඇමෙරිකානු ජාතිකයකු වන ඔහුගේ වසරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 85.8ක් පමණ වෙනවා. NBA තරගාවලි 9කින් 8කදීම අවසන් මහ තරගයේ ක්‍රීඩාකොට තිබෙන ඔහුගේ දළ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 275ත් ඉක්මවන බව සඳහන් වෙනවා. නයිකි, කොකාකොලා ආදී ලොව ජනප්‍රිය වෙළෙඳ සන්නාමවල අනුග්‍රාහකත්වය ඔහුට හිමි වෙනවා.

සල්ලි උඩ පීනන ලෝකෙයේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩකයෝ මෙන්න
Reviewed by piyumantha dissanayaka
on
June 23, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
June 23, 2019
Rating:

No comments: