මෙහෙම ඩීල් දාලා

නිහඬතාවයේ ගිලී සිටියේ ළිං කපන්නාය. කෑ කොස්සන ගාමන්ට් කෙල්ලගේය. මම හැම විටෙකදීම මෙන්ම මෙම මොහොතේදීත් සිතුවේ සියල්ල නිහඬ බවය. ළිං කපන්නා කෙල්ලගේ අහවල් දෙය, කැමැති - අකැමැති සබඳතා මැද ඩැහැගත් ආකාරය පිළිබඳ ගාමන්ට් කෙල්ල කෑ කොස්සන් ගසනු ලබයි. හැබැවින්ම මේ ළිං කපන්නා නිසාම මම අමාරුවේ වැටුණු ලියන්නෙකි. අමාරුවේ වැටුණට පසු ඔහුගේ නිහඬතාව වහ කදුරු මෙන් තිත්ත සොබාවයක් ගත්තත් එය නිහඬව තේරුම් බේරුම් කර ගත හැකි වුණේ කාරණා දෙකක් නිසාය. පළමු වැන්න ගාමන්ට් කෙල්ලගේ කෑකොස්සනය. දෙවැන්න ළිං කපන්නකුගේ ගැඹුරු ආත්මය විදාරණය කළ ඒ පොතය

ගාමන්ට් කෙල්ලගේ කන්‍ෙදාස්කිරියාව නම් නිහඬ බව කරා, පිළිපන්න විට මම එයට ඇහුම් කන් දුන්නේ දෙකන් නොඇසෙන ළිං කපන්නා නිසාය. වැඩි මුදලක් හරි හම්බ කර ගැනීමට ගොස් ඒ කාලයේදී  ළිං කපන්නාගේ සහ මම අලි අමාරුවකට වැටී තිබිණි. අපි දෙදෙනාටම රස්සා අහිමි විණි. මම නැවත වරක් කළ හැකි රස්සාව අල්ලා ගත් නමුත් ළිං කපන්නා අතට අහුවෙන හැම දෙයක්ම රස්සාව බවට පත් කරගෙන සිටියේය. දෙකන් හරි හැටි නොඇසෙන ළිං කපන්නා හද සන්තානය කුල්මත් කළේම අන් අයට කන්‍ෙදාස්කිරියාවක් වෙන තරමට පිට කරන අධිවේගී සංගීත ශබ්දයන්ය. එවිට ළිං කපන්නාගේ දෑස් කැලුම් දේ. අධික ස්වර සංගීතය රස විඳින්න යැයි ඔහුගේ මුවින් ආරාධනා ගලා ඒ. බාගදා ඒ අධික ස්වර ශබ්දය ඔහුගේ කන්වල ඇති අඬාවැඩියාවට අගුළු දමා ඇති. ඒ ශබ්දයන් ඔහුට සුව ගෙන දෙන්නටත් ඇති. හීන් අඩියක් ගසා නිශ්ශබ්දතාවට ගිලී ළිං කපන්නාගේ මේ සානුකම්පිත දිවි පෙවෙත දෙස බලා සිටින්නට සැබැවින්ම මම ප්‍රිය කළෙමි. එය ආනන්දයත්, විටෙකදී ප්‍රඥාවත් පුබුදු කරවන නිහඬතාවක් ලෙස ගැනීමට මම උත්සුක වෙමි. මෙය පසුකාලීනව මගේ නිති පුරුද්දක් බවට පත්විණි. නුවර - කොළඹ මහා මාර්ගයේ සිට කෙටි දුරක් කඳු මුදුනට වන්නට පිහිටා තිබූ ළිං කපන්නාගේ පාළු නිවෙසට (ඒ වන විට ළිං කපන්නාගේ බිරිය ඔහු හැර ගොස්ය. බිරියගේ පළමු කසාදයේ දියණිය ළිං කපන්නාගේ මව සහ පියාගේ රැකවරණයේය. ළිං කපන්නා ඒ දැරියට දැක්වූයේ සැබෑම සෙනෙහසකි.) යෑම ඒම මගේ හුරුපුරුද්දක් බවට පත් වුණා කියමුකෝ. ගාමන්ට් කෙල්ල ළිං කපන්නා කෙරේ කන්‍ෙදාස්කිරියාවක් වුණේ ළිං කපන්නාගේ මෙවන් ගති සොබාවන් විය හැකි යැයි පස්සට පහු මම උපකල්පනය කළෙමි.

ළිං කපන්නාගේ ආත්මය විදාරණය කළ ඒ කෘතිය කියවා අවසන් නොකරන්නට මට; ළිං කපන්නා මෙතරම් සොබාවික නොවන්නට ඉඩ තිබිණි. ළිං කපන්නා මට හිත මිතුරු බව අතරතුර පවසා සිටියේ පරණ පුරුදු රස්සාවටම කර දෙනවා කියා පමණි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ළිං කපන්නෝ භූ ජලය සොයා ගියේ සිය ඉව මඟිනි. රත් වරලැති ලිය කෘතියේ මහ්මුට්  එවැන්නෙකි. ඔහු ස්තර සතරකින් යුත් නබෝ ගැබ සිදුරු  කරන්නේ පොළොව තුළටම බින්න බැස ගත් ඉව මඟිනි. මේ සුවිශේෂී කුසලතාව නිසා තවදුරටත් තමන්ටද පොළොව යට සිටින දෙවිවරු සහ භූතයන් සමඟ පාර ඉන්ද්‍රීය සංජායනයක්, නිහඬතාව මත ඇති වී ඇතැයි ළිං කපන්නෝ විශ්වාසයට ගන්නා වූ අතර ඒ මගේ හිත මිත්‍ර ළිං කණින්නාටද පොදුවිණි. (රත් වරලැති ලිය කෘතියේ පිටු අංක 45 කොටසක් උපුටා ගන්න කාරුණිකව නදීක කදුරුගමුව අවසර දෙනු ඇතැයි සිතමි.)
“මහ්මුට් බාසුන්නැහේ කිව්ව ආකාරයට පියකු පරිද්දෙන් සිය ගෝලයාට ආදරය කළ, ඔහු ආරක්ෂා කළ, ඔහුට ඉගැන්වීම සෑම ළිං කණින්නකුගේ යුතුකමකි. මන්ද යත් අවසානයේදී ගෝලයාට සිය ගුරුවරයාගේ රැකියාව උරුම වන හෙයිනි. ඊට ප්‍රතිචාර වශයෙන් සිය ගුරුවරයාගෙන් හොඳින් ඉගෙන ගැනීමත්, ඔහුගේ උපදෙස් පිළිපැදීමත්, ඔහුට ගෞරවයෙන් සැලකීමත් ගෝලයාගේ යුතුකමයි. එදිරිවාදිකමිනුත් - අකීකරුකමිනුත් මේ සම්බන්ධතාව කැළැල් වුවහොත් එය දෙපාර්ශ්වයටම හානිදායකය. සැබෑ පියකු හා පුතකු අතර සම්බන්ධතාව මෙනි. එවිට ළිං කැණීම අතහැර දමන්නට වෙයි. මා වැදගත් පවුලක වැදගත් පිරිමි ළමයකු බව දන්නා මහ්මුට් බාසුන්නැහේ මේ කරදර වූයේ නැත. නිර්ලජ්ජිත බව හෝ අකීකරුකම හෝ ඔහු මගෙන් අපේක්ෂා නොකළේය.”

ගාමන්ට් කෙල්ල කන්‍ෙදාස්කිරියාවක් වුණු හැටි දැන් නිරූපිතය. ඒ මෙලෙසය. කෙල්ල නුවර කලාවියේ එකියකි. හත් පිනුම් පැන්න එකියකි. ගාමන්ට් රැකියාවට ගම්පහ දිසාවට පැමිණි පසු නේවාසිකාගාර ගතව ඇත්තේ ළිං කණින්නාගේ කඳු මුදුනේ නිවෙසට තදාසන්න නිවෙසකය. ඒ කුලී ගණන් හිලව් මද පමණ නිසාය. ළිං කණින්නා පළමු කසාදයෙන් දරුවෙක් ලැබ සිටි ගැහැනියකටම සරණ වූවා පමණක් නොව ඒ ගැහැනිය තමා අතහැර ගිය පසු; ඒ ගැහැනියගේම දියණියටද කිසිදු අකුලකින් තොරව සරණ වනවා යැයි දැනගත් ගාමන්ට් කෙල්ල ළිං කණින්නාට සමීප වී ඇත්තේ කුමන කරුණක් අරබයාද යන්න සැබැවින් මම දැනුදු නොදන්නෙමු. එය භාවාතිෂය වීම හෝ අවංකභාවය හෝ නොඅවංකභාවය මත සිදුවන්නට ඇති. ගාමන්ට් කෙල්ල ඉදිරිපිට වැදගත් පවුලක විනීත තරුණයෙක් ලෙසයි ළිං කණින්නා දිගු කලක් හැසිරී තිබෙන්නේ. (ගාමන්ට් කෙල්ලගේ පළමු කන්‍ෙදාස්කිරියාවට ඇහුම් කන් දුන් මම වික්ෂිප්ත වූයේ ළිං කණින්නා ගාමන්ට් කෙල්ලගේ අහවල් දෙය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සොරාගත් බව කන්‍ෙදාස්කිරියාව මත ඔද්දල් කිරීම මතිනි. කෙල්ල බොරු කිව්වද මන්දා. ඇරත්; ළිං කණින්නාගේ කන් ඇසෙන්නෙත් නැහැනේ) මේ පිළිබඳව සාක්ෂිකරුවන් දෙදෙනෙකි. ඔවුන් තරුණයන්ය. ගාමන්ට් තරුණයන්ය. අපි ඉන් එක් අයකුට සවන් දෙමු.

“කෙල්ල ගාමන්ට් ආවා. මේ පළාතට එන්න කලින් කෙල්ල ගාමන්ට් ගිහින් තියෙන්නේ මහරගම. මහරගම ගාමන්ට් ගිය කෙල්ලක් සාස්තරය අඳුනාගෙන තමයි අනෙක් ගාමන්වලට යන්නේ. කෙල්ලගේ අක්කා නයිට් ක්ලබ්වල මල් ඩාන්සර් කෙනෙක් විධියට අදටත් වැඩ කරනවා. කෙල්ල එහෙන් මෙහෙන් කිව්ව කතාවල තමයි අපි මේ කෑලි බෑලි ටික හදා ගත්තේ. ඒත් කෙල්ල මෝඩයි. හෙල්මට් එකක් අතේ තියාගෙන යතුරක් කරකව කරකවා ආපු කෙනෙක්ට ඔය කෙල්ලව ත්‍රීවීල් එකකට ගොඩ කර ගන්න බොහොම ලේසියෙන් පුළුවන්. අර හෙල්මට් එක මොකක්ද? මොන බයික් එකේ යතුරද අතේ තිබුණේ කියලා කෙල්ල අහන්නේ නැහැ. හැබැයි කෙල්ලගේ අක්කා මල් ඩාන්සර් කෙල්ලක් හින්දා අක්කගෙන් දැන කියා ගත්ත කරුණු කාරණා ගොඩක් කෙල්ල ගාව තියෙනවා. ඒවායින් තමයි කෙල්ල මිනිසුන්ට දමලා ගහන්නේ. එහෙම නැතිව කොච්චර ජීවිතය ගැන අත්දැකීම් ලැබුවත් ඒ අත්දැකීම්වලින් ඔය කෙල්ල ජීවිතයට කර ගත්තු දෙයක් නැහැ. මුලින්ම කෙල්ලව දපනේ දා ගත්තේ දහයේ ට්‍රාන්ස්පෝට් එක අදින වාහන ඩ්‍රයිවර් කෙනෙක්. ඒ ඩ්‍රයිවර්ම තමයි අඩු ගාණකට ඔය බෝඩිම හොයලා දීලා තියෙන්නෙත්. හැබැයි කෙල්ල දක්ෂයි ඉන්න තැනක හරියට ඉන්න. ඒක නුවරගම් පළාතේ හැමෝගෙම වගේ පුරුද්දක්. කෙල්ල එහෙම ඉන්න හින්දා තමයි කෙල්ල බෝඩින් වෙලා හිටිය ගෙදරට අල්ලපු ගෙවල් හැම එකක්ම වගේ මේ කෙල්ල එක්ක හිතවත් වුණේ. ඔය කියන මනුස්සයා පවා.”

ළිං කපන්නාගේ ඇතුළාන්තය ගාමන්ට් කෙල්ල කෙරේ ඇදී ගිය ආකාරය පිළිබඳ අදහසක් පහදා ගැනීමට ඒ විස්තර සවිස්තර කිරිල්ල ප්‍රමාණවත්ය. ළිං කපන්නා දපනේ දා ගත් විට ජීවිතය පහසුවෙන් ඉදිරියට රැගෙන යා හැකි යැයි ඒ කෙල්ල සිතන්නට ඇති. එසේත් නොමැති නම් සැබැවින්ම ළිං කපන්නාගේ පිවිතුරු හදවත දෙස ඇය බලන්නට ඇති. සමහරක් ගැහැනුන් ලෙස ළිං කපන්නාගේ පිරිමි ජීවිතයට අදාළ හොඳම ගැහැනිය එලෙස නොමැති නම් ගැහැනුන් අතරේ ගැහැනිය වීමේ ආශාව ගාමන්ට් කෙල්ලට ඇති වෙන්නටත් ඇති. ඒ පිළිබඳ යමක් දැන ගැනීමට සහ අපගේ කතා ප්‍රස්තුතය විස්තාරණය කර ගැනීම සඳහා අප නැවත යා යුතු වන්නේ ගාමන්ට් තරුණයන් දෙදෙනා අතරින් විස්තර සවිස්තර නොකළ තරුණයා වෙතය.

“ගාමන්ට් ජීවිතය කියන්නේ කෙල්ලකුට බේරිලා ඉන්න පුළුවන්ද බැරිද කියලවත් කියන්න බැරි තැනකට. කෙල්ලෙක් දැක්ක ගමන් අවුරුදු ගාණක් ගාමන්ට් වැඩ කරපු කොල්ලෝ දන්නවා මේ කෙල්ල කොහොම ගෑනු මනුස්සයෙක්ද කියලා. එදා ඉඳලා කෙල්ලව ගන්නේ අර පළමු පාර දැක්ක විධියෙන්. ඒ විධිය හොඳයි නම් කෙල්ලගේ ගෞරවය ආරක්ෂා වෙනවා. නරකයි නම් කතා කරලා වැඩක් නැහැ. ඕක තමයි ගාමන්ට් එකක් ඇතුළේ වැඩට එන කෙල්ලෙක්ගේ ජීවිතය තීරණය කරන මොඩල් එක. සාමාන්‍යයෙන් අපි ගාමන්ට් කෙල්ලෝ කියලා කිව්වට අද වෙද්දී ගාමන්ට් ඇතුළේ අවුරුදු 50 ගෑනු අයත් වැඩ කරනවා. අවුරුදු 20-25 එක දිගටම මේ රස්සාව කරන අයත් ඒ ගෑනු අතරේ ඉන්නවා. ඒ අයට ගාමන්ට් ජීවිතය ගැන අත්දැකීම් වැඩියි. ගාමන්ට් එකේ ඊගාව මාසයේ ආදායම කොච්චරද කියලා කියන්න පවා හැකියාවක් ඒ ගෑනු අයට තියෙනවා. ඒ විධියේ ගෑනු කෙනෙක් ගාවට අලුතින් එන කෙල්ලෙක් වැටුණම ඒ කෙල්ල අර ගෑනු කෙනාගෙම ෆොටෝ කොපියක් වෙනවා. ගාමන්ට් ඇතුළේ ගබ්සා පෙති ගේන, ඒවා බොහොම අඩුවට විකුණන, එහෙම නැත්නම් කොටස් වශයෙන් ගෙවන්න දෙන ගෑනු උදවිය ඉන්නවා. සමාජ රෝගවලට අදාළව පළාතේ ඉන්න හොඳම ‍ෙදාස්තර කවුද? ඒ දොස්තරව එ ළියට නොපෙනෙන විධියට චැනල් කරන්න පුළුවන් හොස්පිටල් එක මොකක්ද කියලා කියන්න පුළුවන් ගෑනු උදවිය ඉන්නවා. එතකොට විවාහ රෙජිස්ට්‍රාර් මහත්වරු අල්ලගෙන හොර විවාහ සහතික හදලා දෙන ගෑනු අය ඉන්නවා.

නඩත්තු ගෙවිලි, දික්කසාදවලට මෝෂන් දාලා වැඩිපුර නඩත්තු ගැනීම් කරන්න පුළුවන් කොයි ලෝයටද කියලා හරියට දැනගෙන ඒ ලෝයස්ලා එක්ක ඩීල් එකක් දාලා වමට ගාණක් කපන ගෑනු මනුස්සයෝ ඉන්නවා. කොටින්ම තොරතුරු දැනගැනීමේ පනත මඟින් තව මනුස්සයෙක් කසාද බැඳලද නැද්ද කියලා දැන ගන්න පුළුවන් ගෑනුත් ඉන්නවා. ඒ අතරතුරේ තමයි මේ විධියට කන්‍යාපටල ආපසු සෙට් කරලා දෙන්න ඩීල් එක දානඵ ගෑනු අය ඉන්නේ. මම දන්න තරමටම මේ පළාතේ ‍ෙදාස්තරලා දෙතුන් දෙනෙක් ඉන්නවා කන්‍යාපටලය නැවත ඇදලා මහන්න පුළුවන්කම තියෙන. වැඩේට එයාලා 12,000ක් ගන්නවා. මුලින්ම 10,000ක් දීලා පස්සේ 2000 දෙනවාද. මුලින්ම 5000 දීලා පස්සේ 7000 දෙනවද කියලා තීරණය කරන්නේ ඔය ඩීල් එක කරන කෙල්ලෝ. ලස්සන කෙල්ලන්ට නම් බොහොම අඩුවට වැඩේ කර ගන්න පුළුවන් කියලා ඔය ඩීල් එක අතරේ ගෑනු කියනවා. මේ වැඩේ ඒ තරමටම පල්ලම් බැහැලා. මම දන්න කෙල්ලෙක් ඉන්නවා දෙතුන් පාරක් කසාද බැන්දා. ඒ අතරතුරේ දෙපාරක් ඔය පටලේ සකස් කර ගත්තා. වැඩේ කියන්නේ ඒ කෙල්ලව කසාද බැන්ද වුන් දෙන්නම ඔය වැඩේ කෙල්ල කර ගත්තා කියලා දන්න එක. දන්න එකටත් වඩා කන බොන අතරේ අපිට කියන එක.

ඉතින් ඔය අර කන් ඇහෙන්නේ නැති කන්ද මුදුනේ පදිංචි ළිං කපන මනුස්සයා දපනේ දා ගන්න හදන කෙල්ලත් 7000ක් මුලින් දීලා 5000 පස්සේ දෙන්නම් කියන පහසු ගෙවීමේ ක්‍රමයට කන්‍යාපටලය හදා ගන්න ට්‍රයි කරන කෙල්ලක්. ඒ අර මනුස්සයාව අල්ල ගන්න වෙන්න ඇති.”  ළිං කණින්නා, ගාමන්ට් කෙල්ල මින් මත්තට ගාමන්ට් කොල්ලන් හෙළි කරමින් සිටින්නේ පුහු සුචරිතභාවයක පැටලුණු ධනවාදී සමාජ ක්‍රමයේ දුස් විශ්වාසයක් යැයි මම සිතමි. ඔවුනොවුන්ගේ සමාජ සුජාතභාවය ගැන ඔය අයට කීමට මුලදීම මම උත්සාහ ගත්තේ ඒ නිසාය. කන්‍යාපටල ගැන ඇති සමාජ කඩතුරාවන් පයිසයකට ගන්න නොගන්නා මම එවැන්නක් පිළිබඳ ලියන්නට සිතුවේ ගාමන්ට් සංස්කෘති සැකැස්ම එලෙස නම් ධනවාදී නිෂ්පාදන ක්‍රමය මත දුවමින් සිටිනා ලංකාවේ සමාජ සැකැස්ම පිළිබඳ යමක් සිතන්නට ඔබට යමක් ඉතිරි කරන්නටය.

මෙහෙම ඩීල් දාලා මෙහෙම ඩීල් දාලා Reviewed by piyumantha dissanayaka on June 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.