රටේ ඉන්න හැම එකාටම වන්දි දෙන්න බැහැ - ජෝන් අමරතුංග

රටේ ඉන්න හැම එකාටම වන්දි දෙන්න බැහැ.ඒ ඒ ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වෙච්ච හැමෝටම වන්දි ලබා දෙනවා යැයි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ බිද වැටීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමින් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පැවසුවා
අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 'සංචාරක උදාව' සංචාරක සහ චාරිකා ප්‍රදර්ශනය විවෘත  කිරීමට එක්වෙමින්‍.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වුවා:
මාධ්‍යවේදියා - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙලා මාස 2ක් ගතවෙලා තිබෙනවා.සංචාරක ක්ෂේත්‍රය බිද වැටිලා තිබෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා..

අමාත්‍යවරයා - බිද වැටෙන එක අහන්නත් දෙයක් ද බෝම්බ ගැහුවාම මිනිස්සු ඉන්නවද මෙහේ.දැන් ගියා ගිහින් ආපසු එන්න පටන් අරගෙන තිබෙනවා.ඒ ක්ෂේත්‍රයේ හිටපු අයටත් ණය දෙන්න සහණාධාර දෙන්න බැංකුවලින් මූල්‍ය ආයතන වලින් ආරම්භ කරලා තිබෙනවා.
මාධ්‍යවේදියා - වන්දි ලැබිලා නෑ කියලා පිරිසක් චෝදනා කරනවා.
අමාත්‍යවරයා - රටේ ඉන්න හැම එකාටම  වන්දි දෙන්න බැහැ.ඒ ක්ෂෙත්‍රයේ නිරත වෙලා ඉන්න  සෘජුව හෝ වක්‍රව සම්බන්ධ  වෙච්ච හැමෝටම වන්දි දෙනවා.
මාධ්‍යවේදියා - මීගමුවෙත් උද්ඝෝෂනයක් තිබුනා නේද?
අමාත්‍යවරයා - මම දන්නේ නැහැ.මීගමුවේ ඉන්නවා අඩන මිනිහෙක් ඒ මිනිහා තමයි ඕවා ඇති කරන්නේ දේශපාලන වාසි ගන්න.
මාධ්‍යවේදියා - වන්දි දීලා ඉවරද?
අමාත්‍යවරයා - නෑ තවත් දෙන්න තියනවා.

මාධ්‍යවේදියා-  ප්‍රහාරය නිසා සංචාරක ක්ෂේත්‍රයට කොපමණ පාඩුවක් වෙලා තිබෙනවාද?
අමාත්‍යවරයා - 70% ක්  විතර අඩු උනා ලංකාවට එන සංචාරකයෝ..දැන් ඒක අපි නැගිටවගෙන  එනවා. ජුලි අන්තිම වෙනකොට නැවත වරක් සංචාරකයන් පිරිසක් ලංකාවට එන්න පටන්ගනීවී.
'සංචාරක උදාව' සංචාරක සහ චාරිකා ප්‍රදර්ශනය පසුගිය ජුනි 21 සහ 22 දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනේ නම වන වරටයි. චාරිකා සහ සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් මෙන්ම සංචාරක කර්මාන්තයේ මෙහෙයුම්කරුවෝ විශාල පිරිසක් ද ඊට සහභාගී වූහ.ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණු අතර තිබිණි .
චතුර දේශාන් ලියනගේ

රටේ ඉන්න හැම එකාටම වන්දි දෙන්න බැහැ - ජෝන් අමරතුංග රටේ ඉන්න හැම එකාටම වන්දි දෙන්න බැහැ - ජෝන් අමරතුංග Reviewed by piyumantha dissanayaka on June 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.